අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා අඩාලයි : රෝගීන් රැසක් දැඩි පීඩාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 30, කොළඹ LNW:

මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා අඩාලවී ඇති අතර, වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් විකීරණ ප්‍රතිකාර යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

අක්‍රියවූ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර, ඉදිරි දින දෙක ඇතුලත විකිරණ ප්‍රතිකාර සේවා යලි ආරම්භ කල හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව, මේ වන විට විකිරණ ප්‍රතිකාර සේවා අඩාලවීම හේතුවෙන් අපේක්ෂා රෝහලේ රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...