අරගලය අතරතුර ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

Date:

පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් අනතුරුව ඇති වූ කඩාකප්පල්කාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 09 වැනිදා කඩුවෙල ප්‍රදේශයේදී බස් රථයක් ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 19,20,29,40 යන වයස්වල පසුවන පුද්ගලයන් වේ.

මෙම සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මැයි 10 වැනිදා, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

31,51,52 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් කොළඹ හා පිටබැද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

ජුලි මස 09 වැනිදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීම හා නිවසට ගිනිතබා විනාශ කිරීම යන චෝදනා මත ඊයේ රාත්‍රී කොට්ටාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් විසිනි.

ගල්බොක්ක, අරණායක ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම පුද්ගලයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...