පවුල් ලක්ෂ 15කට අස්වැසුම ගෙවීම අරඹයි – දෙවන අදියර ලබන සතියේ සිට

Date:

කොළඹ LNW:අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට සුදුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්‍රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එම සියලු දෙනාටම අවශ්‍ය මුදල් කඩිනමින් මුදාහරින බව ද කියා සිටියි.

අස්වැසුම පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙ. ව 9.00 සිට ප. ව 4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් සඳහන්.

ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමක් සිදු කර තිබුණහොත් එය නැවත පූර්ණය කර ගැනීම සඳහා අස්වැසුම පනතේම ප්‍රතිපාදන ඇති බවත් එසේ සිදුව ඇත්නම් නැවත මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට පසුබට නොවන බවත් සේමසිංහ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...