ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි – අයවැයට මොකද වෙන්නෙ ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කළේය. මෙම කණ්ඩායමේ තීරණයත් සමග ආණ්ඩුව සතුව තිබූ බහුතර බලය අහිමි වී තිබෙනවා.

පසුගිය මහ මැතිරවණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 149 ක් හිමි වූ අතර 20 වැනි සංශෝධනය සම්මත කරගත් අවස්ථාව ඇතුළු විවිධ අවස්ථාවලදී විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන්ද සමග ආණ්ඩු පක්ෂය සතු මන්ත්‍රී ආසන ප්‍රමාණය 150 ඉක්මවා ගොස් තිබිණි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ස්වාධීනව කටයුතු කරන අතර විමල්-ගම්මන්පි-වාසු ඇතුළු කණ්ඩායමද විපක්ෂයේ අසුන් ගෙන සිටී. අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන අතර ජී.ඇල්-ඩලස් කණ්ඩායමද අද විපක්ෂයට එකතු විය.

මෙම තත්වය මත ආණ්ඩු පක්ෂය සතු මන්ත්‍රී ආසන ප්‍රමාණය 100 කට වඩා අඩු මට්ටමකට පත්ව තිබෙනවා.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය සම්මත කර ගැනීම සඳහා අවම මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ඊට පක්ෂ වියයුතුය. ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ කණ්ඩායම් මේ දක්වා අයවැයට පක්ෂ වන්නේද විරුද්ධ වන්නේද යන්න පිළිබඳව නිශ්චිත තීන්දුවක් ප්‍රකාශ කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...