පොළොන්නරුවෙන් කෑල්ලක් දහම් සිරිසේනට

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

මෙම පත්වීමට අදාල ලිපිය ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාගෙන තිබෙනවා.

පත්වීම් ලිපිය ලබා ගන්නා ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් දහම් සිරිසේන මහතා පවසන්නේ තමා කෙරෙහි විස්වාසය තැබූ සියලු දෙනාගේ විස්වාසය උපරිම අයුරින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. තමා වෙත පවරනු ලැබූ වගකීම ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කිරීම සඳහා රුකුලක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

දහම් සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය සංවිධානය කරන්නට යෙදුණ අවුරුදු 19...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...