*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ව්‍යවස්ථාදායකය පාලනය කරන අදිසි හස්තය කුමක්ද ? – ඩලස්

පාලක පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වෙමින් විපක්ෂයට එක් වූ ඩලස් අලහප්පරෙුම මහතා ඇතුළු කණ්ඩායම සිය දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා අද නව කාර්යාලයක් ආරම්භ කළේය. නිදහස ජනතා සභාව නමින් ඔවුන් සිය නව දේශපාලන ගමන ආරම්භ කර තිබෙනවා.

රාජගිරිය නාවල ප්‍රදේශයේ පිහිටි නව කාර්යාලයේ කටයුතු අද ආරම්භ කළ අතර මෙම අවස්ථාවට ඩලස් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සහභාගි වී සිටියේය.

මෙය නව දේශපාලන හැරවුමක ඇරඹුම ලෙස පිළිගන්නැයි ඩලස් අලහප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තම කණ්ඩායමේ නව දේශපාලන ගමන සම්බන්ධයෙන් අතැම් පාර්ශ්ව බියට පත්ව සිටින බවත්, මේ නිසා අයවැය විවාදයේදී සිය කණ්ඩායමට අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබා නොදුන් බවත් ඔහු පවසනවා.

ඊයේ දිනයේදී තම කණ්ඩායමේ නාලක ගොඩහේවා මහතාට සහ චන්න ජයසුමන මහතා විවාදයේ ඉඩ වෙන්කර තිබූ නමුත් ඊයේ උදෑසන ඔවුන් දෙදෙනාට විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදිය නොහැකි බව දන්වා තිබූ බවත් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබෙන නමුත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන අදිසි හස්තයක හිර වී ඇති බවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගන්නා අවස්ථාවේදීද එය දක්නට ලැබුණු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan