සමිත ලෝක වාර්තාවක් සමඟ පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 03, (LNW) කොළඹ :

පැරිසියේ පැවත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් සිය දෙවන පැරා ඔලිම්පික් පදක්කමට උරුමකම් කියන්නට සමත් වුණා.2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගත් සමිත මෙවරත් සිය ඉසව්ව වූ හෙල්ල වීසි කිරීම එෆ් 44 කාණ්ඩයේ රිදී පදක්කම්ලාභියා වීමට සමත් වුණා.


එෆ් 64 කාණ්ඩයට ඇතුළත් වී තිබුණු දුලාන්ගේ ඉසව්වේ දී ඉසව්ව ජයගත් එම ඉසව්වේ ලෝක වාර්තාලාභියා වන ඉන්දියාවේ සුමිත් නව පැරා ඔලිම්පික් වාර්තාවක් තබන්නට සමත් වුණා.එසේම එෆ් 44 සළකන විට සමිත වාර්තා කළ මීටර් 67.03 ක දුර ද එම කාණ්ඩය සළකන විට නව ලෝක වාර්තාවක් ලෙස සටහන් වී තිබුණා.
ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල වීසි කිරීමේ ජාතික සූරයෙකු වන ප්‍රදීප් නිශාන්ත යටතේ පුහුණුව ලබන සමිත,මේ වන විට ලෝක මට්ටමේ දී මෙන්ම ආසියානු මට්ටමේදි ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ගෙනවිත් දී තිබෙනවා.

ප්‍රදීප් ද පුහුණුකරුවෙක් ලෙස රන් සහ රිදී පදක්කම් පැරා ඔලිම්පික් ඉසව්වලදී ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා ක්‍රීඩකයින් පුහුණුකර ඇති අතර මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද,ඔහු යටතේ පුහුණුව ලබන නදීශා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්නට සමත් වුණා.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...