ඉන්දියා – බංග්ලාදේශ උභතෝකෝටිකය ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසන් මෙහෙයවන ලද රට පුරා නොසන්සුන්තාවක් ඇතිකළ සති කිහිපයක විරෝධතවයන්ගෙන අනතුරුව පසුගිය අගෝස්තු මස 05 වන දින බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා ආරක්ෂාව පතා ඉන්දියාවට පලා යාමත් සමඟ ඇයගේ අඛණ්ඩ පැවැත්ම, ඩකාහි නව අන්තර්වාර රජය සමඟ ශක්තිමත් සබඳතාවයක් වර්ධනය කර ගැනීම සඳහා මේවන විට දිල්ලි වෙත අභියෝග ජනනය කර ඇත.

හසීනා කෙටි කාලයක් පමණක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි මුලින් අපේක්ෂා කළ නමුත් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සරණාගතභාවය පතා ඇය දැරූ උත්සාහය මෙතෙක් සාර්ථක වී නොමැත.

ඉන්දියාවට බංග්ලාදේශය යනු අසල්වැසි රටක් පමණක් නොවන අතර එය උපායමාර්ගික හවුල්කරුවෙකු වන අතර, විශේෂයෙන්ම ඊසානදිග ප්‍රාන්තවල ඉන්දියාවේ දේශසීමා ආරක්ෂාවට තීරණාත්මක සමීප සගයෙකි.

2009 දී හසීනාගේ අවාමි ලීග් පක්ෂය බලයට පත්වීමෙන් පසු, එය මෙම වාර්ගික සටන්කාමී කණ්ඩායම් කිහිපයක් මර්දනය කළේය. හසීනා මහත්මිය ඉන්දියාව සමඟ දේශසීමා ආරවුල් කිහිපයක් ද සුහදව විසඳා ගැනීමට සමත් වූ අතර හසීනා මහත්මියගේ 15 වසරක පාලන කාලය තුළ දෙරට අතර වෙළෙඳ සබඳතා සහ සම්බන්ධතා වර්ධනය විය. ඉන්දියාව සිය ඊසානදිග ප්‍රාන්තවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා බංග්ලාදේශය හරහා මාර්ග, ගංගා සහ දුම්රිය ප්‍රවේශය ලබා ගණු ලැබූ අතර 2010 සිට, ඉන්දියාව යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා බංග්ලාදේශයට ඩොලර් බිලියන 7කට (පවුම් බිලියන 5.3කට) වඩා ණය ලබා දී ඇත.

මේ වන විට බංග්ලාදේශය හා ඉන්දියාව අතර හොඳ හිත පලුදු වී ඇති අතර පුලුල්ව පැතිරුනු ඡන්ද මංකොල්ලකෑම් පිලිබඳ චෝදනා මධ්‍යයේ හසීනා මහත්මියගේ පක්ෂය විසින් ජයග්‍රහණය කළ මතභේදාත්මක මැතිවරණ තුනක් දිල්ලි විසින් කඩිනමින් අනුමත කිරීම ඉන්දියාවට එරෙහි කෝපයට වර්ධනයව ඇත.

මිට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශය ගංගා 54 ක් බෙදා ගන්නා අතර ජල සම්පත් බෙදාගැනීම විවාදාත්මක කාරණයකි. පසුගියදා ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයට හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාවකින් පසුව, අතිරික්ත ජලය දෙරට අතර ගලා යන Gumti ගඟට ගලා ගියේය – ප්‍රාන්තය තුළ මෙන්ම අසල්වැසි බංග්ලාදේශයේ පහළ ප්‍රදේශද ජලයෙන් යට විය. මිලියන ගණනක් ජනයා පීඩාවට පත් වූ අතර බොහෝ දෙනෙකුට ඔවුන්ගේ නිවාස, බඩු බාහිරාදිය සහ ගොවිබිම් අහිමි විය. බොහෝ ගම්වැසියන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දියාවට හිතාමතාම රාත්‍රියේ වේල්ලකින් ජලය මුදා හැරීම ගංවතුරට තුඩු දුන් බවට චෝදනා කළ අතර Gumti ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වූ බව පැහැදිලි කරමින් එය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කිරීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුවිය.

මිට අමතරව චීනය. ඉන්දියාව සමඟ කලාපීය ආධිපත්‍යය සඳහා සටන් කරන බැවින් බෙයිජිං බංග්ලාදේශය තුළ සිය බලය වර්ධනය කර ගැනීමට නව උනන්දුවකින් කටයුතු කරමින් සිටියි. බංග්ලාදේශය මේ වන විට ඉන්දියාව විසින් ආධිපත්‍යය දැරීමට දරන ඕනෑම ප්‍රයත්නයකට ප්‍රතිරෝධය දැක්වීමට මාලදිවයින සමඟ එක්වීමට කටයුතු කරමි සිටියි. ඒ අනුව දේශපාලනික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ඉන්දියාවට තම කලාපීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් ස්වයං විමර්ශනයක් කිරීමට කාලය මෙය වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...