*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

රොෂාන් සජිත්ට අනින ටොක්ක අර්ජුනටත් ඇඩෙන්නටද?

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 03, (LNW) කොළඹ :

රොෂාන් රණසිංහගේ ක්‍රීඩා අමාත්‍ය ධූර කාලයේ අමාත්‍ය බලය හා සමාන බලයක් ලබා දී අර්ජුන රණතුංගට ක්‍රීඩාව හසුරුවන්නට විශාල ඉඩක් නිර්මාණය කර තිබිණ.අර්ජුන අයියා ලෙසින් අර්ජුනට ආමන්ත්‍රණය කළ රොෂාන්,ඔහුට බොහෝ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් තමා ගත යුතු තීන්දුව ගැනීමට මඟ පෙන්වීමේ වගකීම පවරා තිබිණ.අර්ජුන ඒ බලය භාවිතා කරමින් අමාත්‍ය අවසරයට එන කණ්ඩායම්වල සංචාර සඳහා සහභාගි වන කණ්ඩායමක නමක් හෝ වෙනස් කර (අමාත්‍යංශයෙන් මුදල් කොගෙවද්දීත්) අමාත්‍යවරයාට ක්‍රීඩාවේ ඇති බලය දැනෙන්නට හරින ලෙස උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කිරීමේ දැවන්ත උණකින් පෙළෙන අර්ජුන අවසානයේ දී ඒ සඳහා ද අවස්ථාව උදා කර ගත්තේ රොෂාන් රණසිංහ පත් කරන ලද අතුරු කමිටුවේ මුල් පුටුවට පත් වෙමින්ය.රොෂාන් විසින් කරන ලද ඒ කාර්යයත් සමඟ ඔහුගේ පාලන කාලයේ දී ජාත්‍යන්තර වශයෙන් සිඳු වූ තෙවන ක්‍රීඩා තහනම අයිසීසී ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරමින් සිඳු විය.අධිකරණයෙන් ද අමාත්‍යවරයාගේ නව පත් කිරීම් නොසළකා හැරියේය.ඒ අනුව අර්ජුනට ක්‍රිකට් මුල් පුටුව පමණක් නොව ඇමතිව සිටි රොෂාන්ට ඇමති පුටුවද අහිමි විය.


රොෂාන් සජිත් ප්‍රේමදාස සමග සම්බන්ධ වී ඔහුගේ කාර්යාලයෙන්ම ජේ ෂා ට දුරකතන ඇමතුම් ලබා ගනිමින්,පාර්ලිමේන්තු නියෝජිතයන්ට ක්‍රීකට් ගැන ඇති කළ විරෝධය සමඟ අයිසීසී ය හරස් වීම නවතාගන්නට උත්සා ගත් බව ද වාර්තා විය.සජිත් ප්‍රමුඛ සජබෙ සහයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ආයතනයට එරෙහිව ඔළු ගෙඩි එකතු කර ගන්නට ද රොෂාන් සමත් විය.ඒ සියල්ල කරන්නේ ජ්‍යොතිෂයවේදියෙකු විසින් රොෂාන් රණසිංහට රාජයෝගයක් ඇති බවට කළ කතාවක් ඔස්සේ බව අපි කිවෙමු.


දැන් රොෂාන්ගේ ගුලිය කා ක්‍රිකට් තහනම් කිරීමේ අපකීර්තියට දායක වෙන්නට සිඳු වූ සජිත් විඳවමින් සිටියි.රොෂාන් තනිව ජනාධිපති වෙන්නට ගොස් සජිත්ව අතහැර ඇත.එවැනි තත්ත්වයක සජිත්ගේ දේශපාලන කඳවුරට පහර ගසමින්,සජිත්ට රට හදන්නට නොහැකි බවත්,අන්ත දූෂිතයන් ඔහු වටා එකතුවෙන බවත් කියයි.රොෂාන් ගේ දේශපාලනය අත හැර මේ වන විට අර්ජුන ද සජිත් සමඟ එක් වී ඇත.ඔහු අලුතින් සජිත් සමඟ එකතුවන දූෂිතයන් යැයි චෝදනාවක් නඟන්නේ අර්ජුන ද එයට එකතු වී සිටියදීය.රොෂාන් තමන්ට ඇමති තනතුර අතහැරෙනනම් උපදෙස් දී තමන් අපේක්ෂා කළ තනතුර ද දී ඇමතිකමත් නැති කර ගත්ත රොෂාන්,සජිත්ට එකතුවන දූෂිතයන් ලෙස අර්ජුන ද සිටින සජිත් පිළට එල්ල කරන වාග් ප්‍රහාරයේ තමන් අතහැර සජිත්ට හේත්තු වූ අර්ජුන ද ඉලක්කයක් විය නොහැකිද?

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan