*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

චීන පොහොර නැවට ගෙවූ මුදල් අයකර ගන්න විගණකාධිපති නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න – සජිත්

චීන පොහොර නෞකාව සඳහා ගෙවූ මුදල් අයකර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොහොර නෞකාව සඳහා ගෙවූ මුදල් නැවත අයකර ගැනීමට නොහැකි වී ඇති බව පසුගියදා කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබිණි. ඊට අදාල ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වූ බවයි ඇමතිවරයා පවසා තිබුණේ.

පොහොර සඳහා ගෙවූ මුදල් අදාල සැපයුම්කරුගෙන් අයකර ගත නොහැකි නම් පොහොර සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන අදාල මුදල් අයකර ගත යුතු බවට විගණකාධිපතිවරයා විගණන වාර්තාවක් මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මුදල් අයකර ගැනීමෙන් නොනැවතී මෙරට බෝගවලට අහිතකර බැක්ටීරියා සහිත පොහොර මෙරටට ගෙන්වීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගතයුතු බවටත් සැපයුම්කාර සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කිරීමටත් විගණකාධිපතිවරයා නිර්දේශ කරයි.

විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ විගණකාධිපතිවරයාගේ මෙම නිර්දේශ වහාම ක්‍රියාත්මක කළයුතු බවයි. එපමණක් නොව එකවරම රසායනික පොහොර තහනම් කර කිසිදු සැළසුමක් නොමැතිව කාබනික වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරීම හරහා ගොවි ජනතාවට හා මෙරට ආර්ථිකයට සිදු වූ හානියද වගකිව යුත්තන්ගෙන් අයකර ගත යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අදාල පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව පරීක්ෂණවලදී තහවුරු වූ අතර මේ නිසා පොහොර නෞකාව ආපසු හරවා යැවීමට කටයුතු කළේය. කෙසේ නමුත් අදාල පොහොර තොගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීමට සිදුවිය.

එවක හිටපු කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ගෙවූ මුදල් නැවත අයකර ගැනීමට හෝ නැවත පොහොර ආනයනය කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි. කෙසේ නමුත් එය යථාර්ථයක් නොවන බවට මේ වනවිට පැහැදිලි වී තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan