අපි මේ රට අතහැර යන්නේ නෑ – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහපොළවේ යතාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමග ජීවත්වන තමා කිසිදිනෙක රට හැර නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි මේ මහපොලොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි. අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි. අපි අභියෝගවලට බිය නැහැ. අපි අභියෝගවලට ආදරය කරනවා. ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නැහැ. මේ රට ආර්ථික, සාමජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. හම්බන්තොට වරාය යළිත්වරක් අපි දකුණු ආසියාවේ නාවික කෙනේද්‍රස්ථානය බවට පත්කරනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා. සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

සෑම පළාතක් ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම්භ කරනවා. ඒ සියලු පළාත් යා කරමින් අපි විසි දෙවෙනිදායින් පසුව ආර්ථික විප්ලවය ආරම්භ කරනවා. ඒ වගේම තමයි අපේ රටේ දේශීය ආර්ථිකය අපි දියුණු කරන්න ඕනෙ. ගමේ ගොවියා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා අපි ශක්තිමත් කරන්න ඕනෙ. එදා හම්බන්තොට වරාය හදලා, අධිවේගී මාර්ග හදලා ක්‍රීඩා ගම්මාන පිහිටෙවුවෙ ඇයි ? මේ රටේ ජීවත්වෙන අහිංසක අම්මගෙ තාත්තගෙ දරුවට නූතන ලෝකයේ රැකී රක්ෂාවලට යන්න පුළුවන් වපසරියක් හදන්න. කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් කරේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාගර විශ්වවිද්‍යාලය පටන් ගත්තෙ ඇයි ? අපිට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණා. අපි විශ්වාස කළා අපේ රටේ ගමේ අම්මා තාත්තගෙ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ කියලා. මහින්ද්‍යෝදය විද්‍යාගාරය, තාක්ෂණ පීඨය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයට මේ රටේ දරු පරම්පරාව යොමු කරා; යොමු කළා විතරක් නෙමෙයි අපිට ඉලක්කයක් තිබෙනවා ඉදිරි අවුරුදු පහ ඇතුළත, ඊළඟ අවුරුදු දහය ඇතුළත මේ රට තුළ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා ලක්ෂ විස්සක් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ගාව තිබෙනවා.”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ තංගල්ල, වාඩිගල පොල භූමියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...