ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂක ජනරාල්වරියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින්, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය පත් කිරීමට කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කරුණාරත්න මහත්මිය එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියයි.

දැනට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත හෙට සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, ඒ අනුව නව පත්වීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...