ලංකාවට තරඟ නැති දවසක්

Date:

ආසියානු නෙට්බෝල් සූරතාවලියේ අද දවස (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකාවට තරඟ නොමැති දවසකි.එසේම සූරතාවයට අභියෝග කරනු ඇතැයි සිතිය හැකි අනෙකුත් රටවල් අතරින් මැලේසියාව සහ හොංකොං කණ්ඩායම් ද අද තරග බිමට පිවිසෙන්නේ නැත.ප්‍රධාන කණ්ඩායමක් හැටියට අද තරග වදින්නෙ සිංගප්පූරුව පමණි.ඔවුන් මාල දිවයින සමඟ තරග වදිනු ඇත.

තරගාවලියේ පළමු දිනයේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව මෙන්ම මැලේසියාව ද පහසු ජයග්‍රහණ අත් කර ගත්තේය.එහෙත් මැලේසියාව සමඟ තරගයේදී ලකුණු 78 – 22 ලෙස පරාජය වුවද බෘනායි කණ්ඩායම ශක්තිමත් ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළේය.

අද බෘනායි කණ්ඩායම චීන තායිපේ කණ්ඩායම සමඟ තරග වදියි.බෘනායි මේ වන විට ආසියාවේ හයවන තැන ද,චීන තායිපේ කණ්ඩායම 11 වන තැන ද පසු වෙයි.අද පැවත්වෙන ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ සිටින ඉන්දීය – පිලිපීන තරගය සම මට්ටමේ කණ්ඩායම් දෙකක තරගයකි.ආසියාතික මට්ටමෙන් ඉන්දියාව අටවන තැනත් පිලීපීනය නවවන තැනත් සිටියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...