*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය අස්සේ ජාවාරම්කාරයන් රැකීමෙන් රට ගොඩ නගන්න බෑ. – චම්පික

කොළඹ LNW: අද රට තුළ නූතන වහල් යුගයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආර්ථික අර්බුදය හමුවේ ජාවාරම්කරුවන් තම ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරගෙන යන අතර අනාගත පාලනයක් තුළ දී ජාවාරම්කරුවන්ට වැට බඳින, නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ, ජාති ආගම් බේදයකින් තොරව දක්ෂයන්ට රටේ නායකත්වයට පත් විය හැකි තත්ත්වයක් ගොඩ නගන බවයි රණවක මහතා සදහන් කරන්නේ.

ඒ,එක්සත් ජනරජ පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එදා හිටපු ජනාධිපති ගෝඨාභය ජනතාව විසින් පලවා හැරි දවසේ පරාජයට පත් වුණේ රාජපක්ෂලා පමණක් නොව මේ රටේ විපක්ෂයත් පරාජයට පත් වූ බව හෙතෙම කියාසිටියි.

වසර 75ක වමේ, දකුණේ සියළු දේශපාලකයන් පරාජයට පත් වූ බව ඔහු කියාසිටියි.

”2019 ට සාපේක්ෂව අද තෙල් මිල තුන් ගුණයකට වඩා වැඩියි. ඊයෙ පෙරේදත් මේ තෙල් මිල වැඩි කළා. අලුත් සමාගමක් ආවා. කිව්වෙ තරගකාරීව අඩු ගාණට දෙන්න පුලුවන් කියලා. මම බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවෙ කිව්වා සමාගම් 100 ක් ගෙනාවත් වැඩක් නෑ තරගකාරීව මහජනයාට අඩු මිලට තෙල් සපයන්න ක්‍රමයක් නැත්නම්. අදත් මේ ආණ්ඩුව අඩු තරමේ පෙට්‍රල් ලීටරයකින් රු.125 ක් ගන්නවා. අඩුම ගණනෙ ඩීසල් ලීටරයකින් රු. 78 ක් ගන්නවා. බදු වශයෙන්. පසුගිය ජූලි මාසයේ රාජ්‍ය මූල්‍ය වාර්තාවට අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි 6000 ක ලාභයක් ලබනවා. එහෙනම් පැහැදිලියි මේ රටේ කොච්චර සමාගම් ආවත්, කොච්චර ලස්සන පෙට්‍රල් ස්ටේෂන් ගැහුවත් තෙල් මිල අඩු කරන්න බෑ මොකද අධික බදු ගහලා ඒවයින් තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්න කල්පනා කරන්නෙ.

අපි කතා කරන්නෙ නිකම් අහස් මාළිගා නෙමෙයි වැඩ කරලා පෙන්වලා. අපි ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය බිල වැඩි කරන්නෙ නැතිව ලාභ කරලා පෙන්වලා තියෙනවා. ඒක දරාගන්න බැරි වුන ජාවාරම්කාරන පන්තිය පත්තර කඩමාලු සහ යම් යම් මාධ්‍ය පාවිච්චි කරලා අපට මඩ ගහලා බලපෑම් කරලා අපේ අමාත්‍යාංශ මාරු කළා. අනාගත පාලනයක් යටතේ මේ රටේ විධිමත් බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.

ඒ මත මේ රටේ ජනතාවට විශේෂයෙන් ම මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න, විදුලි බිල අට ගුණයකින් වැඩි කරපු මේ අයුක්ති සහගත තත්ත්වයෙන් අපේ ජනතාව මුදාගන්න කටයුතු කරනවා. දේශපාලන හෙංචයියන් නොවන වෘත්තීය මට්ටමේ නායකත්වයක් අදාළ රාජ්‍ය ආයතනවලට ලබා දෙනවා.

නූතන වහල් යුගයක් අද මේ මහ පොළොවෙ ඇතිවෙලා තියෙනවා. කොළඹ නගරයට නැත්නම් අනෙකුත් නගරවලට අපේ වතුකරයේ කාන්තාවෝ විකුණලා ජීවත් වෙන තරමට අපි අද වැටිලා තියෙනවා මේ ආර්ථික තත්ත්වයත් එක්ක. මේ මෑතකදි සිද්ධියක් වාර්තා වුණා. නම රාජ් කුමාරි. වැලිකඩ පොලිසියට ගෙනල්ලා ගහලා ඒ කාන්තාව මරා දැම්මා. මේක නූතන වහල් ක්‍රියාවලියේ සංකේතයක්. කවුද මේකට අණ දුන්නේ? අද මේ රටේ ඝාතන රැල්ලක් පටන් අරගෙන තියෙනවා. නීතිය සම්පූර්ණයෙන්ම වල් වැදිලා තියෙනවා. පොලීසිය උඩ ඉඳන් පහළට පාදඩ ත්‍රාඩ කල්ලියකගෙ ග්‍රහණයට ගිහිල්ලා. ලෝකෙ කිසි රටක නෑ ත්‍රස්තවාදී කටයුතුවලට උදව් කරපු මිනිහෙක් පොලිස් ඇමැති කරලා. මේ රටේ එහෙම කරල තියෙද්දි මේ අයගෙන් කොහොමද යුක්තිය ප්‍රාර්ථනා කරන්නෙ. අද රටේ සිදුවන ඝාතන රැල්ලටත්, තුවක්කු සෙල්ලම් වලටත් මේ රාජ් කුමාරි සිද්ධියටත් දිනක මේ වගකිව යුත්තන්ට දඬුවම් කරන යුක්ති සහගත සමාජයක් අපි ඇති කරනවා.
කිසිම කෙනෙකුට ඇමතිකම්වල හැංගිලා, බැංකුවලට පොලු තියලා කෝටි ගණන් සල්ලි අරගෙන ඇමැතිකම් අරගෙන පක්ෂ පාලනය කරගෙන රජවෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ.” යනුවෙන් රණවක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan