කොළඹ LNW: 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම යටතේ දෙවන දිනයටත් මහනුවර ප්රාදේශීය ලේකම් කාර්යාලය, මැතිවරණ කාර්යාලය සහ ආරක්ෂක අංශ ඇතුලු රජයේ ආයතනවල නිලධාරීන් ඡන්ද ප්රකාශ කිරීම අද (05) පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව එම ජන්ද විමසීම පෙරවරු 08.30ට ආරම්භ විය.
ඒ සඳහා රජයේ නිලධරීන් උද්යෝගයෙන් යුතුව සහභාගී සිටින ආකාරය දක්නට ලැබුණු අතර ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූ පළමු දින වන ඊයේ (04) දිනයේදීත් සාමකාමීව එම කටයුතු සිදුවූ බව මහනුවර තේරීම් භාර නිලධාරී, දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේය.
නදීක දයා බණ්ඩාර – මහනුවර