කොළඹ LNW: මේ වන විට තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසමින් තිබෙන අතර රනිල් සහ අනුරගේ මන්දිර කුමන්ත්‍රණ එළියට පැමිණ තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
ඒ, අද (05) කොළඹදී පැවති සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවකදීය.
සමඟි ජන බලවේගය සෑදීමට මූලික වූ පුද්ගලයෙක් ලෙස මෙන්ම මේ රටේ වංචාවට,දුෂණයට,හොරකමට විරුද්ධ පුද්ගලයෙක් ලෙස රනිල් සජිත් එකතුවක විරුද්ධ පුද්ගලයෙක් බවයි මරික්කාර් මහතා කියාසිටියේ.
දැන් සිදුවෙමින් තිබෙන රනිල්- අනුර කණ්ඩායම් විසින් සමඟියට මඩ ගැසීම බවද ඔහු ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්රහණයෙන් ඇතැමුන් වියරු වැටී සිටින බවයි මරික්කාර් මහතා පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ