*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අපි ගංවතුර ගහගෙන යන කුරුම්බා කෝම්බ නෙවෙයි – ගම්මන්පිල

1947 වසරේ සිට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ සභාග, විවිධ සන්ධාන ඇති වූ නමුත් එම සභාග සහ උත්තර ලංකා සභාගය අතර පැහැදිලි වෙනසක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙතෙක් පැවති කිසිදු සන්ධානයක්, සභාගයක් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සැපයීමට අසමත් වී ඇති බවත්, එනිසා ඉතිහාසය පුරා සභාගය ජනතාවට අභාග්‍යයක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඊයේ මහරගමදී උත්තර ලංකා සභාගය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි උත්තර සොයන දේශපාලන සභාගයක් නිර්මාණය කර ඇති බවයි.

2019 වසරේදී පක්ෂ හා පාර්ශ්ව රැසක් එක් වී දැවැන්ත සභාගයක් ගොඩනැගූ බවත්, ඒ සඳහා හැටනම ලක්ෂයක් ඡන්දදායකයන් දැවැන්ත ජනවරමක් ලබා දුන් බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මහත් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් ඡන්දය ලබාදුන් හැටනම ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට එම සභාගය අසමත් වූ බවයි. ජනතාව දුකෙන් මුදවා, සියලුදෙනා දකින සිහින රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරන ආණ්ඩුවක් ගොනැගූ බව තමන් ඇතුළු පිරිසක විස්වාස කළ නමුත් සභාගයේ නායකයන් පුද්ගලික න්‍යාය පත්‍ර, පවුලේ න්‍යාය පත්‍ර ඉදිරියට දමා හැටනම ලක්ෂයේ බලාපොරොත්තු සියල්ල පොඩිපට්ටම් කර දැමූ බවද ඔහු ප්‍රකාශ කරනවා.

බලාපොරොත්තු සුන්කර ගත් ජනතාව අමතක කර, බොඳ කර දේශපාලන ගමනක් යා නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කළ බවත්, ගංවතුරට ගසාගෙන යන කුරුම්බා කෝම්බ නොව උඩුගම් බලා පීනන මිනිසුන් බව ඔප්පු කිරීමට තම කණ්ඩායම සූදානම් බවත් ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

අද ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරනවා . ඩලස් අලහප්පෙරුම ඇමති තුමත් ඉන්නවා , අපි මේ ආර්ථික අර්බුදය එනවා කියලා ඇමති මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මාසෙ. අපිට කිව්වා බොරුවට බය කරන්න එපා . එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා . මේක පිළිගන්න නැතිවුනාම 2021 ජූලි මස දොළොස්වෙනි ද මාධ්‍ය හමුවක් තියලා අපි රටට කිව්වා . දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් කරා රට ගමන් කරමින් තිබෙනවා . එය විසඳුවෙ නැත්නම් දැවැන්ත ආර්ථික අර්බුදයක් බවට පත්වෙනවා කියලා . මොකක්ද ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ ගම්මන්පිල බොරු බිල්ලන් මවනවා . අපිට ඇති තරම් ඩොලර් තියනවා. අපිට ඇති තරම් සල්ලි තියෙනවා කවුරුවත් බය වෙන්න අවශ්‍ය නැහැ කිව්වා . ලෙඩෙක් තමන්ට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නෙ නැත්තං ඔහු කවදාවත් බෙහෙත් බොන්න යන්නෙ නෑ . ඔහු කවදාවත් දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න යන්නේ නෑ . මේ ආණ්ඩුවටත් උනේ අන්න ඒකයි.

අද මේ තත්ත්වය යටතේ මොකක්ද ආණ්ඩුව කරන්නේ. මහා උදාර උදාන පාටය වෙලා තියෙන්නෙ මොකක්ද ? අපිට ණය ලැබෙනවා. ඉන්දියාවෙන් අච්චර ලැබුණා. චීනයෙන් මෙච්චර ලැබෙනව. කෑලි කෑලි වලට උනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙනවා . ණය ලැබීම තමයි ආණ්ඩුවේ උදාන වාක්‍ය වෙලා තියෙන්නේ. අමතක කරන්න එපා මේ ලබා ගන්න සෑම ඩොලරයක් ම පොලී සමග ආපසු ගෙවිය යුතුයි .

අපි අද උජාරුවට කාල බීලා ඉන්නේ අපේ ආදරණීය දරුවන් මත බර පටවන්න . අපේ දරුවන් උගසට තියලා අපි කාලා බීලා ඉන්නේ . අපි සැබැවින්ම දරුවන්ට ආදරේ දෙමව්පියන් නම් අපේ දරුවන් උගසට තියලා කාල බීල උජාරුවට ඉන්න අපිට පුලුවන්ද , අපේ ප්‍රශ්නය ණයබරින් මිරිකී ම නම් අපේ ප්‍රශ්නය ජාතික ආදායමෙන් 145 % දක්වා ණය බර වැඩිවීම නම් උත්තරය ණය ගැනීම වෙන්නෙ කොහොමද?

මිත්‍රවරුනේ අපි පිටරටවලින් ඉල්ලන්න ඕන ණය නෙමෙයි අපේ මිත්‍ර රටවලින් අපි ඉල්ලන්න ඕන ආයෝජන . ඒ අයගෙ ආයෝජන තුලින් අපේ රට ගොඩගන්න අපිට ශක්තිය තියෙනවා. ආණ්ඩු ගණනාවකට ගොඩදාගන්න බැරිවෙච්ච ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන තෙල් හා ගෑස් නිධිය ගොඩ ගන්න අවශ්‍ය කරන මූලික කොන්දේසි හය අපි අවුරුදු එකහමාරක් තුළ සම්පූර්ණ කරලා පෙන්නුවා . නමුත් අද ඒ තෙල් නිධිය ගෑස් නීතිය ගොඩ ගන්න කාටවත් වුවමනාවක් නෑ. තෙල් මිල ඉහළ යනවා කියන්නේ හරි නම් අපේ රටේ ආදායම වැඩි වෙනවා කියන එක . හැබැයි තෙල් මිල ඉහළ යද්දී අද අපි බයෙන් ගැහෙනවා . මොකද අපිට වැඩිම විදේශ විනිමය වැය වෙන්නේ තෙල් පිටරටින් ගේන්න . ශ්‍රී ලංකාවේ පිහිටීම හරිම අපූරුයි ආසියාවේ හරිමැද පිහිටි ලංකාව ආසියාවේ සේවා කේන්ද්‍රය බවට පත් පත්කිරීමෙන් පමණක් මේ ණය අර්බුදය විසඳන්න පුළුවන් . කෝ ආණ්ඩුවට ඒකට වැඩපිළිවෙළක් තියෙනවද , බලන්න ලෝක සිතියමේ ලංකාව දිහා ලංකාවට උඩින් තියනව ඉන්දියාව ලංකාවට දකුණේ මැලේසියා වෙනකන් රටක් නැහැ . ලංකාවට වම් පැත්තෙන් සෝමාලියා වෙනකන් රටක් නෑ . ලංකාවට පහළින් ඇන්ටාක්ටිකාව වෙනකම් රටක් නැහැ. ලෝක සිතියමේ මහ මුහුද මැද මෙසේ තනිවුනු තව එක රටක්වත් නැහැ . ඒ නිසා ලංකාව ගේ නව ගුණයක් විශාල සුවිශේෂී ආර්ථික කලාපයක් exclusive economic zone , ලංකාවට වෙන්වෙලා තියෙනවා . ලංකා වගේ 23 ගුණයක් විශාල මහද්වීපික තටාකයක් අපිට වෙන් වෙලා තියෙනවා . මෙන්න මේවයි තියෙන මහා සම්පත් ගොඩ ගන්න විදේශ ආයෝජන ගෙනෙන සැලැස්මක් ආණ්ඩුවටත් නෑ විපක්ෂයටත් නෑ . අපිට බෑ අපි දුප්පත් අපිට මුකුත් කර ගන්න බැහැ කියලා මැසිවිලි නගමින් ලෝකෙ පුරා හිගා කන්න . අදටත් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ .

අද විපක්ෂය කරන්නෙ එකිනෙකාට චෝදනා නගමින් ජනතාව හොඳට දන්න ජනතාව මිරිකෙන ජනතාවගේ ප්‍රශ්න නැවත නැවත පුනරුච්චාරනය කරන එක විතරයි . ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි මේ නැවුම් සභාගය බිහිවෙන්නෙ. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවා වෙනුවට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන දේශපාලන සංස්කෘතියක් හදන්න .

ඒ උත්තර ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බලකරන දේශපාලන සංස්කෘතියක් හදන්න ආණ්ඩුව කරන්න නැත්තං ජනතාවත් එක්ක එකට එකතු වෙලා ඒවා මහ පොළොවේ පැල කරන දේශපාලන සංස්කෘතියක් හදන්න .අපිට ඕන දේ අපි වවාගමු කියන්න ආණ්ඩුවක් ඕනෙද, අපිට ඕනේ දේ අපි හදාගමු කියන්න ආණ්ඩුවක් ඕනෙද , සිරිලක දේ සිරි සැප දේ කියලා කියන්න පාරිභෝගිකයාට ආණ්ඩුවක් ඕනද , මේවා අපිට ආණ්ඩුවක් නැතුව ජනතාවත් එක්ක කරන්න පුළුවන් වැඩ .

අපි අලුත් යුගයකට පා තබනවා. සිංහලයනි වරෙල්ලා දමිළයනි වරෙල්ලා මුසල්මානුවනි වරෙල්ලා වාද භේද පසෙක තබා වරල්ලා. මේ ගිනි ගන්නේ ඔබටයි මටයි අපි හැමෝටම තියෙන එකම රට . මේ රට ඇර අපිට යන්න තැනක් නෑ. මේ රටේ ගිනි නිවන මං සෙවීමේ වගකීම අපි අද සෑම කෙනෙක්ගෙ උරය මත තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරන එක පැත්තක තියල ප්‍රශ්න වලට උත්තර හොයන්න ඒ උත්තර මහපොලොවේ පැලකරන මේ දේශපාලන ව්‍යාපාරයේ ජීවමාන සක්‍රීය සාමාජිකයෙක් වන ලෙස සමස්ත ජාතියටම ආයාචනා කරනවා .

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan