“COVID-19” වාහක මරණ ප්‍රතිශතය 15% කින් අඩු වේ!

Date:

ලොව පුරා නැවතත් හිස ඔසවමින් තිබූ කොරෝනා වෛරසය ඔබ අප කවුරුත් හඳුනන බිහිසුණු වෛරසයකි. එය වැළඳීමෙන් පසුව ලබන ජීවිත අවදානම සුළුපටු නොවේ. නමුත් වර්තමානයේ ගණනය කිරීම් වලට අනුව අපට යම්තාක් දුරට සතුටු විය හැකි පුවතක් ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO ) විසින් ඉකුත් සතියෙහි ඉදිරිපත් කර ඇත.


එහි දී ලොවපුරා COVID-19 මරණ අනුපාතය 15% කින් සහ COVID-19 වාහකයන්ගේ ප්‍රතිශතය 9% කින් පහළ ගොස් ඇත යන්න ඔවුන් සඳහන් කර තිබූ දත්තයන් ඔස්සේ දැක ගත හැකි විය. එම ගණනය කිරීම් වලට අනුව ලෝකයේ මිනිසුන් එම වෛරසය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බවත් එයින් වැළකී සිටීමට කටයුතු කරන බවත් පැහැදිලි වේ.

2022 සැප්තැම්බර් 05 (අද) දින සටහන් වූ දත්තයන්ගෙන් කොරෝනා වාහකයන්ගේ සංඛ්‍යාව 610,481,089 ක් ලෙස සඳහන් වී ඇත. එයින්, කොරෝනා මරණ සංඛ්‍යාව 6,504,254 කි. එමෙන්ම සුවය ලැබූවන් 587,400,187 කි. එයින් සුව වී හෝ මරණයට පත් ව 593,904,441 ප්‍රමාණයක් Closed cases වේ. වර්තමානයේ පවතින හෙවත් Active Cases 16,576,648 ප්‍රමාණයක් ද ඇත.


මෙම COVID-19 මේ වන විට රටවල් 228 ක පමණ ව්‍යාප්තව ඇත. මෙහි පවතින පසු බැසීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කුමන කරුණු පැවසූව ද U.N සෞඛ්‍ය සංවිධානය පැවසූයේ එහි ඉකුත් සතියෙහි 14,000 කට අධික මරණ සංඛ්‍යාවක් සහ මිලියන 5.3 කට අධික නව වාහකයන්ගේ ප්‍රමාණයක් දැක ගත හැකි වූ බවකි.

කෙසේ වෙතත් ගණනය කිරීම් වලට පසුබට නොවී තම තමන්ගේ ආරක්ෂාවන් සලසා ගැනීම ඔබ අපගේ වගකීමකි. මුව ආවරණයන්, අත් ආවරණයන් තුළින් කොරෝනාවෙන් පමණක් නොව අනෙකුත් විෂබීජ වලින් ද තම ජීවිතය ආරක්ෂා කර ගත හැක.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...