*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

කවුරු දිනුවත් මාස කීපයකින් ඔහුට ජනාධිපතිකම අහිමි වෙනවාමයි. අපේක්ෂකයින් කීපදෙනෙකුට හිරේ යන්නත් වෙයි – විජේදාස

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින්ගෙන් කවුරු ජයග්‍රහණය කළත් ඔහුට මාස කිහිපයකදී ඡන්ද පෙත්සමක් මත ජනාධිපති ධුරය අහිමි වී යනු ඇති බව ජනාධිපතිවරණ අපේක්ෂක, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

“මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20 ක් විදියට නියම කළා. අපි මේ මැතිවරණයේදීත් ඒ විදියටම ඉල්ලුවා, නමුත් මැතිවරණ කොමිෂන් සභාව ගත්ත තීන්දුව ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ, රුපියල් 109 ක සීමාවේ ඔවුන් නියමයක් කළා. එතකොට එක අපේක්ෂකයකුට කෝටි 186ක් වියදම් කරන්න පුළුවන්. හැබැයි එක පැත්තකින් මම හිතනවා මේක අපට වෙච්ච ආශිර්වාදයක් කියලා, ඒ අනුව ගත්තාම කොමිසමට දොස් කියන්නෙ නෑ. මොකද ඒ සීමාව ඉතා ඉහළ එකක් දුන්නාම අතපය දිගහැරලා සමහර පක්ෂ මේ වෙනකොට වියදම් කරනවා. හැබැයි මේ වියදම් කරලා ඉවර වුණාට පස්සෙ මේගොල්ලෝ හිරවෙන තැනක් තිබෙනවා. ඒ තමයි මැතිවරණය අවසන් වෙලා දවස් 21ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් සහිතව ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෙ මැතිවරණ කොමිසමට, වියදම් කරපු මුදල් සහ ඒවා ලැබුණු ආකාරය. එතකොට ඒ දවස් 21 ඇතුළත ලබාදෙන ප්‍රකාශනය ජනතාවට බලන්න අවස්ථාවක් දෙන්න ඕනෙ මැතිවරණ කොමිසම දවස් 10ක් ඇතුළත. මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කරන්න නීතියේ තිබුණු කාලසීමාව දවස් 21, අපි සංශෝධනය කළා දවස් 42 දක්වා දික්කරලා. එතකොට මේ යටතේ මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළාට පස්සේ මේ ලේඛන මත හරිම පහසුයි යම්කිසි නීතිවිරෝධී දෙයක් කරලා තියෙනවා නම් ඒක ඔප්පු කරන්න.

මේකෙ තියෙන සුවිශේෂීතාවය තමයි දිනපු අපේක්ෂකයාට විරුද්ධව විතරක් නොවෙයි පරාද වුණු අනෙක් අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් පැත්තට ගත්තාම අපි අලුතින් ගෙනාපු දූෂණ විරෝධී නීති නිසා අපේක්ෂකයින්ට සිද්ධ වුණා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ඒ වත්කම් බැරකම් මීට පෙර කවදාවත් ජනතාවට දැනගන්න තියලා නෑ. මේ අවස්ථාවේ ඒවා ප්‍රසිද්ධ කරන්න නියම කරලා තියෙනවා. මාසෙට ලක්ෂ දෙකයි තුනයි ආදායම කියන සමහර අපේක්ෂකයින්ගේ වත්කම් කෝටි ගණනින් ඉහළට ගිහිල්ලා තියෙනවා. මේ ගැන දැනටමත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. මේ පරීක්ෂණ කරනකොට මට හිතෙනවා මේ සැරේ නාමයෝජනා දුන්න අයගෙන් කීපදෙනෙකුට සිරගත වෙන්න වෙයි කියලා. මොකද මේ අවස්ථාවේදී රූකඩ අපේක්ෂකයොත් ඉදිරිපත් කරලා තියෙනවා, ඒගොල්ලොත් මේක සුළුවට තකලා ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ වත්කම් බැරකමුත් සොයන්න සිද්ධ වෙනවා අල්ලස් කොමිසමට, ජනතාව මේ වනවිටත් ඒ වෙනුවෙන් පෙරමුණ අරගෙන ඉන්නවා.

අනිත් පැත්තෙන් මේ මැතිවරණයේදී බත් එකක් දුන්නා නම් ඒක වරදක් විදියට සලකලා ඇතැම් ප්‍රදේශවලදී මැතිවරණ කොමිසම මැදිහත් වෙලා ඒවා වැළැක්වුවා. එහෙම තත්වයක් යටතේ රජයේ සේවකයින්ට රුපියල් 10000 යි, 25000 යි වැටුප් වැඩිකරනවා කියන ඒවා අල්ලස්. ඉන්දියාව වගේ රටක නම් මෙහෙම පොරොන්දු දුන්නාම එහේ මැතිවරණ කොමිසම ඔහුගේ අපේක්ෂකත්වය අහෝසි කරනවා. අපට තවම එහෙම නීති සම්මත කරගන්න බැරිවෙලා තියෙනවා. ඔය කවුරු දිනුවත් එකක් පැහැදිලියි, ස්ථිර වශයෙන්ම දිනන එක්කෙනාගේ ජනාධිපති ධුරය මැතිවරණ පෙත්සමකින් මාස කිහිපයක් තුළ අහෝසි වෙනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත මේ වෙනකොටත් අපි එකතු කරමින් පවතිනවා”

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan