වසරේ පළමු මාස 07 තුළදී අපනයන ආදායම 12.9% කින් ඉහළ ගිහින්

Date:

පසුගිය වසර හා සන්සන්දනය කිරීමේදී මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එම කාලසීමාව තුළ 12.9% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

ජනවාරි – ජුලි කාලසීමාවේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7678 කි.

පසුගිය වසරට සාපේක්ෂව ආනයන වියදම් 3.5% කින් පහළ ගොස් තිබෙනවා. ජුලි මාසයේදී පමණක් 24.8% කින් ආනයන වියදම් පහළ ගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ. ජනවාරි – ජුලි කාලසීමාවේ සමස්ත ආනයනය වියදම ඇමරිකානු ඩොලර් මිලියන 11,315 ක් ලෙස සටහන් වේ.

අපනයන ආදායම් ඉහළ යාම සහ ආනයන වියදම් අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත යම් ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා. චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5 හුවමාරු පහසුකමද සමග සමස්ත සංචිත ප්‍රමාණය 1.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...