අපි බලයට ආපු ගමන් ලෝක ඉතිහාසයේ පළමු වතාවට ජනතාවට ආදරය දුන්නා. ලෝකයම පුදුම වුණා – ඇමති ලාල්

ජාතික ජන බලවේගය බලයට පත්වූ වහාම ජනතාවට ආදරය, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ලබාදුන් බවත් එවැන්නක් සිදුවූයේ ලෝක ඉතිහාසයේ පළමුවරට බැවින් ලෝකයේ රටවල් ඒ ගැන විශ්මයට පත්වූ බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපේ රටේ ජනතාව අපේ අනුර සහෝදරයාව ජනාධිපති ධුරයට පත්කරගත්තා. අපේ රටේ ජනතාව 159ක් පාර්ලිමේන්තුවට යවලා ජනතාවගේ ආණ්ඩුවක් හැදුවා, සිස්ටම් චේන්ජ් එකට. බලය ගත්ත ගමන් කරපු පළවෙනි දේ මොකක්ද ? පළවෙනිම දේ. ඒක ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ කවදාවත් වෙලාම නෑ. අවුරුදු 76 විතරක් නෙවෙයි මුළු ඉතිහාසයේම වෙලා නෑ. 76 අවුරුදු සාපයට වඩා සමහර කාරණා විශාලයි. මුළු ඉතිහාසයටම යනවා. අපි දුන්නා බලයට ආපු ගමන්ම ජනතාවට මොනවද ? ආදරය. සාමය, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්. අපි පටන් ගත්තේ එතනින්. ලෝකයේ රටවල් පුදුම වුණා. ලෝකෙ කිසි රටක එහෙම වෙලා නෑ. අපේ රටේ අපේ හතුරු බලවේගත් පුදුම වුණා ඒ චේන්ජ් එකට. ඉස්සර මොකද වුණේ ? අලුතින් ආණ්ඩුවක් බලයට ආවාට පස්සෙ ගම්වල ඉන්න වෙනත් පක්ෂවල අයට පහරදුන්නා, ගෙවල් ගිනි තිබ්බා, පළිගැනීම් කළා, රැකියා අහිමි කළා. ඔයගොල්ලො බලයට ගෙනාපු ආණ්ඩුව එහෙම කළාද ? කළේ නෑ. ඒක චේන්ජ් එකක්”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් අද (06) බුලත්සිංහල පැවැත්වුණු ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...