ලිංගික අතවර චෝදනා මත බ්‍රසීලයේ මානව හිමිකම් අමාත්‍යවරයා සේවයෙන් පහ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර කළ බවට චෝදනා මත එරට මානව හිමිකම් අමාත්‍ය සිල්වියෝ අල්මේදා ධුරයෙන් පහ කිරීමට බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ලිංගික හිංසන චෝදනාවල ස්වභාවය සැලකිල්ලට ගනිමින් ඇමතිවරයා තනතුරේ තබා ගැනීම තිරසාර නොවන බව ජනාධිපතිවරයා සලකන බවයි.

සුළුතර අයිතිවාසිකම් පිළිබඳ නීතිමය ආරක්ෂාව සඳහා ක්‍රියාකාරිකයෙකු වන අල්මේදා, සිය තනතුර අහිමි වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කර තිබු අතර ඔහු වදිසුරටත් එහිදී සඳහන් කර තිබුණේ, එය මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සහ මාව නැවත ගොඩනඟා ගැනීමට අවස්ථාවක් වනු ඇති බවයි.

සිල්වියෝ අල්මේදා ලුලාගේ කැබිනට් මණ්ඩලයේ වඩාත් ජනප්‍රිය කැබිනට් සාමාජිකයෙකු වූ අතර තනතුරේ සිටියදී, ලූලාගේ කම්කරු පක්ෂය (PT) එහි ප්‍රගතිශීලී මූලයන් වෙත ආපසු ගෙන යාමට සමත් වූ අමාත්‍යවරුන් අතලොස්සෙන් කෙනෙකු ලෙස ඔහු වමේ කොටස් විසින් පැසසුමට ලක් වූවෙකි. ඔහු අල්මේදා බ්‍රසීලයේ වර්ගවාදයට එරෙහි සටනේ ප්‍රමුඛ හඬවල් වූ අතර 2023 ජනවාරියේ ලූලාගේ පරිපාලනය ආරම්භයේ සිට අන්ත දක්ෂිනාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන්ගේ ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...