*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

වසර 3 ක ශතක ඉඩෝරය අවසන් – කෝලිගේ පිත්ත යළිත් කතා කරයි !

ආසියානු කුලසාන තරගාවලියේ අවසන් වටයෙන් ඉවතට විසි වී සිටින ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.

ඉන්දියාව වෙනුවෙන් ලෝකේෂ් රාහුල් සමග ඉනිම ආරම්භ කළ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් විය. ඒ සඳහා ඔහු මුහුණ දුන්නේ පන්දු 61 කට පමණි. හයේ පහර 06 ක් සහ හතරේ පහර 12 ක් කෝලිගේ සුපිරි ඉනිමට අන්තර්ගත විය.

මෙය 20/20 ජාත්‍යන්තර පිටියේ කෝලි රැස්කර ගත් මංගල ශතකය වන අතර ඔහු වාර්තා කළ 71 වැනි ජාත්‍යන්තර ශතකයද වේ.

සියල්ලටම වඩා මෙම ශතකයේ විශේෂත්වය වන්නේ දැඩි ලකුණු හිගයකින් පෙළුණු විරාත් කෝලි වසර 03 කට ආසන්න කාලයකට පසුව පිත්තෙන් සාර්ථකවෙමින් රැස්කර ගත් ශතකය වීමයි.

කෝලි අවසන් වරට ජාත්‍යන්තර පිටියේ ශතකයක් රැස් කළේ 2019 වසරේ නොවැම්බර් 22 වැනිදා බංග්ලාදේශයට එරෙහිව කොල්කටාහිදී පැවති ටෙස්ට් තරගයේදීය. 72 ඉන්පසු ඔහු ජාත්‍යන්තර තරග 72 කට සහභාගි වූ නමුත් පිතිකරණයේ යෙදුණු කිසිදු ඉනිමකදී ලකුණු 100 කඩඉම කරා ලංවීමට නොහැකි විය. එම කාලසීමාව තුළ ඔහුගේ පිත්තෙන් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය 94 කි. එම කාලපරාසය තුළදී අර්ධ ශතක 26 ක් රැස් කරගත් නමුත් ඒ කිසිවක් ශතකයක් කරා ගෙනයාමට ඔහු අසමත් විය.

මෙය කෝලිගේ ක්‍රීඩා දිවියේ දරුණු පසුබෑමක් වූයේ, සාමාන්‍යයෙන් ඔහු වසරකදී ශතක පහක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරන බැවිනි.

මෙම පසුබෑම හමුවේ කෝලිගේ 71 වැනි ශතකය බලාපොරොත්තුවෙන් සිටි කෝලි ප්‍රේක්ෂකයන්ට ඒ සඳහා වසර දෙකකුත් මාස 10 කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවිය.

පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කෝලිගේ දරුණු පසුබෑම කණ්ඩායම සෘජුව බලපෑ අතර මේ නිසා ඔහුට නායකත්වයද අහිමි විය. පළමුව 20/20 නායකත්වයෙන් ඔහු ඉවත් කර රෝහිත් ෂර්මා ඒ සඳහා පත්කළ අතර ඉන්පසු එක්දින නායකත්වයද ඔහුට අහිමි විය. මෙම තත්වය හමුවේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමටයි කෝලි තීරණය කළේ.

පුදුමයට කරුණ වන්නේ, අද තරගයේදී රෝහිත් ෂර්මා විවේක ගන්වා ලෝකේෂ් රාහුල්ට නායකත්වයේ වගකීම ලබා දී තිබූ පසුබිමක කෝලි සිය ශතක ඉඩෝරය නිමා කරමින් 71 වැනි ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan