විදුලි ව්‍යාපෘති ගැන ජපානයෙන් ඇගයීමක්!

Date:

කොළඹ LNW:ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම සිදුකර තිබුණි.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් කටයුතු ඇණහිටී ඇති ව්‍යාපෘති පිලිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ලබා දෙන තාක්ෂණික සහ මූල්‍ය සහය, අනාගත විදුලිබල උත්පාදන සැලසුම් පිළිබඳව සහ රජයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව එහිදී සාකච්ජා කර ඇත.

මෙරට ජපාන නියෝජ්‍ය තානාපති,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානියා සමග ජපාන තානාපති කාර්යාල නිලධාරින්,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරින් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ හමුවට එක්ව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...