විදුලි ව්‍යාපෘති ගැන ජපානයෙන් ඇගයීමක්!

Date:

කොළඹ LNW:ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම සිදුකර තිබුණි.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් කටයුතු ඇණහිටී ඇති ව්‍යාපෘති පිලිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ලබා දෙන තාක්ෂණික සහ මූල්‍ය සහය, අනාගත විදුලිබල උත්පාදන සැලසුම් පිළිබඳව සහ රජයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව එහිදී සාකච්ජා කර ඇත.

මෙරට ජපාන නියෝජ්‍ය තානාපති,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානියා සමග ජපාන තානාපති කාර්යාල නිලධාරින්,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරින් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ හමුවට එක්ව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...