සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මව සහ පියා නොමැති වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල පොලීසිය මඟින් 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සිය මිත්තණිය සමඟ ජීවත් වී ඇති බව පොලීසිය පවසයි.
ලුණුවිල, දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර, ඔහු පින්තාරුකරුවකු ලෙස රැකියාව කරන බවයි අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පිළිබඳ වැඩිදුරටත් පොළීසිය පවසන්නේ.
තම භාරයේ සිටි මිනිබිරිය අතුරුදහන් වී ඇති බවත් ඇය ලුණුවිල ප්‍රදේශයේ නිවසක සිටින බවත් පවසා වයස අවුරුදු 71ක අදාළ මිත්තණිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර , ඇය ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව ද පැමිණිලිකාරිය පොලීසියට කියා ඇත.
ඒ අනුව කරන ලද සොයා බැලීමකින් අනතුරු ව දැරිය පොලීසිය භාරයට ගෙන, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගිය බවත් මීට මාස 06කට පමණ පෙර දිනයක දී ඔහු තමන් පදිංචි කටුනේරිය නිවසේ දී තමා සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවත් දැරිය විසින් පොලීසිය හමුවේ පවසා ඇති අතර ,පාසල් යාමට අවශ්‍ය නිල ඇදුම් සඳහා රෙදි මිල දී ගැනීමට බව පවසා දැරිය සිය පෙම්වතා සොයා ඔහුගේ නිවසට ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ .
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
