ගල්අඟුරු සැපයුම ඇනහිටී – පැය 08 ක විදුලි කප්පාදුවක් !

Date:

ගල්අඟුරු සැපයීම සඳහා අවම ලංසුව ඉදිරිපත් කළ සැපයුම් සමාගම ගල්අඟුරු සැපයිය නොහැකි බව විදුලිබල මණ්ඩලය වෙත දන්වා තිබෙනවා.

ගල්අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී දූෂණ ගනුදෙනුවක් සිදුව ඇති බවට විපක්ෂය සහ වෘත්තීය සමිති චෝදනා කළ අතර අදාල චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය වනතුරු සැපයීම් සිදුකළ නොහැකි බවයි අදාල සමාගම දන්වා තිබෙන්නේ.

මෙම තත්වය මත ගල්අඟුරු බලාගාරවල විදුලි නිෂ්පාදන කටයුතු ඇනහිටීමේ අවදානමක් මතුව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කළේ දැනට විදුලිබල මණ්ඩලය සතු ගල්අඟුරු තොග ඔක්තෝබර් 15 වැනිදා දක්වා ප්‍රමාණවත් වන බවයි. වසරේ ඉදිරි කාලය සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් සපයා ගැනීමට සිදුව ඇති අතර එසේ නොවුවහොත් අවම වශයෙන් පැය 08 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ඉඩ තිබෙන බව ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...