ගල්අඟුරු සැපයුම ඇනහිටී – පැය 08 ක විදුලි කප්පාදුවක් !

ගල්අඟුරු සැපයීම සඳහා අවම ලංසුව ඉදිරිපත් කළ සැපයුම් සමාගම ගල්අඟුරු සැපයිය නොහැකි බව විදුලිබල මණ්ඩලය වෙත දන්වා තිබෙනවා.

ගල්අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී දූෂණ ගනුදෙනුවක් සිදුව ඇති බවට විපක්ෂය සහ වෘත්තීය සමිති චෝදනා කළ අතර අදාල චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය වනතුරු සැපයීම් සිදුකළ නොහැකි බවයි අදාල සමාගම දන්වා තිබෙන්නේ.

මෙම තත්වය මත ගල්අඟුරු බලාගාරවල විදුලි නිෂ්පාදන කටයුතු ඇනහිටීමේ අවදානමක් මතුව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කළේ දැනට විදුලිබල මණ්ඩලය සතු ගල්අඟුරු තොග ඔක්තෝබර් 15 වැනිදා දක්වා ප්‍රමාණවත් වන බවයි. වසරේ ඉදිරි කාලය සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් සපයා ගැනීමට සිදුව ඇති අතර එසේ නොවුවහොත් අවම වශයෙන් පැය 08 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ඉඩ තිබෙන බව ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...