සටහන – රුවන් නෙළුගොල්ල
මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්රදේශයේ දී ඊයේ (09) රාත්රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
ඊයේ රාත්රී 07.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්රහාරය එල්ලකර පලාගොස් ඇත.
කෙසේවෙතත් එම වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙසේ වෙඩි ප්රහාරයට ඉලක්ක වී ඇත්තේ අඟුලාන ප්රදේශයේ පදිංචි මොරටුව නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු බව වාර්තා වේ.
මෙම වෙඩිතැබීම මත්ද්රව්ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක ප්රතිඵලයක් වන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර මොරටුව පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා වැඩිදුර විමර්ශන සිදුකරයි.


