දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (09) රාත්‍රියේදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ රාත්‍රී 11.45ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ ගේට්ටුවෙන් ඇතුළට අත්බෝම්බයක් දමාගසා පළාගොස් ඇත.

එහිදී බෝම්බය පුපුරායාමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකකට සහ විදුරුවලට හානි සිදුව ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. මේ සිදුවීම සිදුවන විට එම නිවසේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණි.

මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියාන්සේලාගේ අවිෂ්ක ඒෂාන් යන අයගේ මිතුරෙකු වන තරිදු රවිෂාන් යන අයගේ නිවසට බවත් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු යැයි අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...