*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඉන්දියාව සහල් අපනයනය සීමා කරලා – 20% ක බද්දකුත් දාලා !

ඉදිරියේදී ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමද ගැටලු සහගත විය හැකි බව ආනයනකරුවන් පෙන්වා දෙනවා. මීට හේතු වී තිබෙන්නේ සහල් අපනයනය දැඩිලෙස සීමා කිරීමට ඉන්දියාව තීරණය කිරීමයි.

මෙරටට අවශ්‍ය සහල්, පරිප්පු ලොකු ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.

අපනයනය සීමා කිරීමට අමතරව කිලෝග්‍රෑම් එකක් සඳහා 20% ක බද්දක් පැනවීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

පසුගියදා තිරිඟු පිටි අපනයනයද අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබිණි. මෙම තත්වය මත තිරිඟු පිටි ඉහළ ගිය අතර පාන් මිලද සීමාවකින් තොරව ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පාන් රාත්තලක් අලෙවි වන්නේ රුපියල් 300 කටයි.

තිරිඟු පිටි හිගය හේතුවෙන් බේකරි 300 කට වැඩි ප්‍රමාණයක් වැසීගොස් ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ රටතුළ කිසිදු තිරිඟු පිටි හිගයක් නොමැති බවයි. එනිසා පිටි මිල හෝ පාන් මිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍යවරයා පවසා තිබිණි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan