පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යටතේ මේ වනවිට රජයට අයත් සමාගම් 10 ක් හඳුනාගෙන තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මෙම සමාගම් 10 නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව, ජනතා පොහොර සමාගම, සීමාසහිත ලංකා සළුසල ලිමිටඩ්, රාජ්‍ය වෙළඳ සංස්ථාපිත තොග සමාගම, සීමාසහිත ලංකා ෆැබ්රික් ලිමිටඩ්, නෝර්ත් සී ලිමිටඩ්, ලංකා සෙරමික් සමාගම, ලංකා සිමෙන්ති සමාගම, සිමෙන්ති සංස්ථාව සහ ලක්දිව ඉංජිනේරු සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට ආණ්ඩුව සූදානම් වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ සැනින් පාඩු ලබන රාජ්‍ය ආයතනය පෞද්ලීකරණය කළයුතු බවට යෝජනා කළ අතර එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීමටද කටයුතු කර ඇත. මෙම ඒකකය යටතේ පාඩු ලබන හා පෞද්ගලීකරණය කළහැකි රාජ්‍ය ආයතන හඳුනා ගනිමින් සිටී.
UN