*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පාඩු ලබන තෙල් සංස්ථාව අලෙවි නියෝජිතයන්ට රුපියල් බිලියන 04ක් වැඩිපුර ගෙවලා!

පාඩු ලබන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නියමිත නිල ක්‍රියාපටිපාටිය නොසලකා රුපියල් මිලියන ගණනකට අධික කොමිස් මුදලක් තම අලෙවි නියෝජිතයන්ට ගෙවා ඇති ආකාරය පිළිබඳ තොරතුරු පසුගියදා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

අලෙවි නියෝජිතයන්ට කොමිස් ගෙවීමේ දැනට පවතින ක්‍රමය විධිමත් කිරීමේ අරමුණින්, ඉහළ සහ පහළ යන මිළ සීමාවන් ස්ථාවර කිරීමට ඉන්ධන ලීටරයක මිලෙන් සියයට 2.5 ගෙවනු වෙනුවට එය සියයට 3 දක්වා ඉහළ නැංවීමට තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබිණි (මණ්ඩල පත්‍රිකා 05/12/31).

ඒ අනුව, 2019.06.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි 92 පෙට්‍රල් සඳහා ඉහළ සීමාව රු. 167ක් සහ පහළ සීමාව රු. 117ක් ලෙසත්, 95 පෙට්‍රල් සඳහා ඉහළ සීමාව රු. 170ක් සහ පහළ සීමාව රු. 128 ලෙසත් නියම කරමින් අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල වැඩි කර ඇත.

මෙයින් අදහස් වනුයේ, පසු කළක ඉහළ-පහළ මිල ගණන් සීමා වෙනස් වුවද, 2019.06.30 දින නියම කළ මිලෙහි ලීටරයට සියයට 3 ක කොමිස් මුදල නොවෙනස්ව පවතිනු ඇති බවයි.

2021.06.21 වන දින ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර, 2019 වසරේ රු. 117 ට පැවති 92 පෙට්‍රල් රු. 157 දක්වා ද, රු. 170 ට ඉහළ ගොස් තිබූ 95 පෙට්‍රල් රු. 184 දක්වා ද ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත්, ඛනිජ තෙල් සංස්ථාව 95 පෙට්‍රල් ලීටරයක මුදල රු. 170 ක සියයට 3 ක අගය වන රු. 5.10 වෙනුවට රු. 184 ක සියයට 3 ක අගය වන රු. 5.52 ලෙස ගණන් බලා ගෙවීම් සිදුකර ඇත.

ඒ අනුව, 2021.06.11 සිට 2022.07.15 දක්වා කාලය තුළ රුපියල් බිලියන 4 ක පමණ අතිවිශාල මුදලක් අලෙවි නියෝජිතයන්ට ගෙවා ඇති බව විගණකාධිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය විය.

2022.03.10 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කර කොටස් හතරකින් මෙම මුදල් අලෙවි නියෝජිතයන්ගෙන් අයකර ගැනීමට තෙල් සංස්ථාව කටයුතු ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් අනාවරණය කළේය.

ගෙවීමට සහන සෙවීම සඳහා අලෙවි නියෝජිතයින් සිව් දෙනෙකු කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, තෙල් සංස්ථාව වෙත ගෙවීම වළක්වාලමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එය 2022.07.15 දින අවලංගු කළ බවද ඔහු පැවසීය.

එම නිලධාරියා සඳහන් කළේ, සියලුම අලෙවි නියෝජිතයන්ගෙන් වැඩිපුර ගෙවන ලද කොමිස් මුදල් ලබාගැනීමට ද අධිකරණය අනුමැතිය ලබා දී ඇති බවයි.

ඕවින්දි විශ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan