*
Monday, September 23, 2024
spot_img

Latest Posts

එදා හයසින්ත්ගේ “කළු ධම්මි”ගේ භූමිකාවට මෙදා “සේමිනි”

ආසියානු නෙට්බෝල් රැජිණන්නට සිංගප්පූරුවට කැඳවා සිය කිරුළ රැක ගන්න ලෙස කරන ලද අභියෝගය ජය ගනිමින් සිංගප්පූරුව නැවත අනු සූරියගේ භූමිකාවේම රඳවමින් ශ්‍රී ලංකාව ආසියානු කිරු දිනා ගැනීමට සමත් විය.ඒ ලකුණු 63 – 53 ක් ලෙස ලකුණු පූවරුව රඳවා ගනිමින්ය.ප්‍රථම කාර්තු දෙකේම සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අතර ප්‍රථම කාර්තුවේදී දී ශ්‍රී ලංකාව ලකුණු 13 ක් ලබද්දී සිංගප්පූරුව ලකුණු 19 ක් ලබා ගැනීමට සමත් විය.

දෙවන කාර්තුවේ ප්‍රථම කාර්තුවට වඩා අඩු ලකුණු පරතරයක සමස්ත ලකුණු පූවරුව (30 – 27) රඳවා ගත් ශ්‍රී ලංකාව එම කාර්තුව ලකුණු 14 – 11 ක් ලෙස ජය ගත්තේය.සෙසු වට දෙකේදී වඩාත් ආක්‍රමණීලී ක්‍රීඩා රටාවකින් මෙන්ම සංයමය සපිරි මසකින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආක්‍රමණය දැඩිකරන අතරේම ප්‍රහාරයේ ශක්තියද වඩාත් නිවැරදි සහිත සංවිධානගත කිරීමකට පැවරූහ.

විශේෂයෙන් පුහුණුකාරිණි හයසින්ත් විජේසිංහගේ මෙහෙයවීම මත මීට පෙර 2001 දී මීට වසර විස්සකට පෙර සිංගප්පූරුව පරාජය කිරීම මීටත් වඩා අපුරු එකක් විය.එවිට ද 1997 දී ශ්‍රී ලංකාව තරගාවලිය ජයගෙන තිබුණු අතර විවිධ හේතු නිසා එයින් දෙදෙනෙක් හැරෙන්නට සියල්ලම කණ්ඩායම හැර ගොස් තිබිණ.එම කණ්ඩායමට දෙන බවට පොරොන්දු වී තිබූ රුපියල් 50000 ක ත්‍යාග මුදලද අමාත්‍යංශය හරහා ලැබී තිබුණේ නැත.එසේම ක්‍රමයෙන් වැටී තිබුණ ශ්‍රී ලංකා කණ්ඩායම එවකට ආසියාවේ 24 වන තැන තෙක් පසුබැස සිටි අතර සිංගප්පූරුව හිටියේ 12 වන තැනය.

මේ වාතාවරණය මත අවසාන තරගයේ ප්‍රථම වට තුනම ශ්‍රී ලංකාව අභිබවා ජයග්‍රහණය දෙසට යමින් සිටිය සිංගප්පුරුව නවතා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ උපක්‍රම සිඳු කළේය.එහෙත් අවසානයේ තරගාවලියේ නොඳුටු මුහුණක් සම්බන්ධයෙන් හයසින්ත්ගේ අවධානය යොමු විය.මන්ද ඒ වන විට වැඩිපුර පිටියෙ රැඳුණු ක්‍රීඩිකාවන් සියල්ලම හොඳින් හදාරා සිටි සිංගප්පූරුවට එරෙහිව ධම්මිකා වික්‍රමසිංහ නොහොත් නෙට්බෝල් කේෂ්ත්‍රයම ආදරය කරන කළු ධම්මි පිටියට ගෙනාවාය.

අවසාන විනාඩි කිහිපයේදි සිංගප්පුරු දැලට යමින් තිබූ පන්දුවලට හරස් කැපූ ධම්මි ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍ර බවට පත් වී සිටි ශෂිකා සමරසිංහ සහ ගිෂාන්ති ජයකොඩි වෙත ආපසු පන්දුව හරවා යවන්න මුල් විය.ඒ අනුව සිව්වන කාර්තුවක් තරගයත් නිමා කරන බවට විනිසුරු සංඥා කරන මොහොතේදී ශ්‍රී ලංකාව සිය කිරුළ රැක ගන්න මට්ටමට පිවිස සිටි අතර ලකුණු 55 – 54 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

එවර නායිකාව වූ ධම්මි ජයතිලක ක්‍රීඩා කළේ ද “සෙන්ටර්” ක්‍රීඩිකාව හැටියටය.අද ඇය තේරීම් කමිටු සභාපතිවරිය ය.මෙවර නායිකාව ද “සෙන්ටර්” ස්ථානයේ ක්‍රීඩා කළාය.එසේම හයසින්ත් එදා තරගය ආපසු හරවන්නට යොදා ගත් ධම්මිගේ භූමිකාවට මෙවර තෝරා ගැණුනේ සේමිණි අල්විස්ය.ඇය ශ්‍රී ලංකාවට නායකත්වය පවා දුන් ක්‍රීඩිකාවක් වුවත්,මෙවර මුල් හත් දෙනා අතරට ඒමට ඇයට ඉඩක් නොතිබිණ. කුමන හේතුවක් නිසා ඉකුත් ආසියානු කුසලාන තරගාවලියට ද නොපැමිණි ඇය, ක්‍රීඩාව අඛණ්ඪව පවත්වාගෙන යාමට අපොහොසත් වීම නිසා මේ තත්ත්වය ඇත් වන්නට ඇත.කෙසේ නමුත් සිය අත්දැකීම් සමඟ සහ තර්ජණි සමඟ එක දිගට කටයුතු කර තිබුණු අත්දැකීම් ද සමඟ තර්ජණී වෙත පන්දුව නිවැරදිව ගමන් කරන්නනම් දුලංගි වන්නිතිලක අතට පත් විය යුතුමය යනුවෙන් ක්‍රීඩා ලොළීන් තුළ නැඟී තිබුණු මතය වෙනස් කරමින් තර්ජණී – දුලංගි යුගලයට සමාන සේමිණි – දුලංගි යුගලයක්ද පිටිය තුළ නිර්මාණය කරන්නට හැකි විය.

තරගාවලිය පුරාම සාර්ථක වූ ශ්‍රී ලංකාවේ ඩබ්ලිව් ඩී ක්‍රීඩිකා චතුරංගි ජයසූරියත්,ඩබ්ලිව් ඒ ක්‍රීඩිකා ගයනි දිසානායකත් ඉදිරියේ සිටි සිංගප්පූරුව ආපසු හරවන්නට කළ කාර්ය භාරය සහ බාධා කිරීම ප්‍රශස්ථ එකකි.එසේම යම් යම් නායකත්ව පීඩනය නිසා සුළු වැරදි සිඳු කළ නායිකා ගයංජලි අමරවංශ ද හොඳ තරගයක නිරත වුණි.අවසාන තරගයේදී වඩාත්ම වැදගත් වූයේ ශ්‍රී ලංකාව කණ්ඩායමක් හැටියට කරන ලද බෙදා ගැනීමය. අනොන්‍ය අවබෝධය සහිතව තරගයේ අවසන් කාර්තු දෙක තුල පන්දු කෙටි හුවමාරුවකට ලක් කරමින් තරගයේ වේගය පාලනය සියතට ගෙන තිබූ සිංගප්පුරූවට අනපේක්ෂිතව දරා ගත නොහැකි වේගයකට පරිවර්ථනයකට බල කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රමයෙන් තමන්ට අවාසිදායක වූ තරගය ජයග්‍රහණය දෙසට හරහා ගත්තේය.

දුලංගි වන්නිතිලක මේ තරගාවලිය පුරාම පිටියේ සීසි කඩට වීසි කරත් ඒ වැටෙන තැනම හොඳ නිරෝගි ගසක්ව පැලවෙන්ට සහ පල බෙදන්නට දැන උන් බව පැහැදිළි කළාය.එවැනි ක්‍රීඩිකාවක් සාමාන්‍යයෙන් කණ්ඩායමකට අමතර බලයක් ඇති කරන අතර දුලංගි ඒ වර්ගයේ ක්‍රීඩිකාවක්ය.කණ්ඩායමේ උප නායක ලෙසත් කණ්ඩායමට ඒ මොහොතේදී ඕනෑ දෙය ලබා දෙන්නට තරම් සවියක් සහ දිරියක් ඇති අයෙක් වීම දුලංගිගේ විශේෂත්වය ය.

තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවන් සියල්ලම තමන්ගේ දායකත්වය පිටියට බැස හෝ නොබැසි හොඳින්ම ලබා දුන් බව අවිවාදිතය. කණ්ඩායමක් සේ රැදීම යනු පිටියේ ක්‍රීඩා කිරීමම නොවේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ වගකීම ඉටු කළහ. ඒ අතරින් මල්මි හෙට්ටිආරච්චි අතින් යම් යම් වැරදි වූයේ ඔහුගේ අදක්ෂකමකට නොවේය. අත්දැකීම් හිඟකම මතය. නමුත් අලුත් මුහුණක්ව ඈ පෑ දස්කම් අනාගතයට අදාළව ඉතා ඉහළ මට්ටමක පැවති බව පිළිගත යුතුය.

හයසින්ත් මෙම කණ්ඩායමේ පුහුණුකාරීත්වයට එන්නේ වත්මන් නිල මඩුල්ල පත්වෙන්න පෙර පැවති නිල මඩුල්ලේ කැමත්තෙන්ය.නමුත් ඇයට මනාප වූ සහ ඇය මනාප වූ සභාපතිවරිය මේ වන විට නෙට්බෝල් පුටුවේ නැති අතර ඇය ද හයසින්ත් සමග නැතැයි හැඟෙන්නේය.කුමක් වුව ද හයසින්ත් බොහෝ විට සියල්ල තමන්ට අවශ්‍යය වන පරිදි කරන්නට උත්සාහ කරන්නට ගොස් පොදු මතය සහ දැරීම සමඟ අවුල් ඇති කරගන්නා අයෙක්ය.ඒ මානසිකත්වයෙන් මිදි හයසින්ත් කටයුතු කළ යුතු අතර ඒ මොහොතේ හයසින්තගේ පත්කිරීම ගැන ගැටළු තිබුණත් මේ මොහොතේ අප යෝජනා කරන්නේ නුවර ප්‍රදේශයේ ලොකු පුහුණු වැඩ සටහනක්ය.

කාගේවත් අවධානය යොමුවීම අඩු කාරණයක් ප්‍රකට කරමින් මෙම තරගාවලියේ විශිෂ්ඨ සේවයක් කර විනිසුරු එරංග සත්සර ද ශ්‍රී ලංකාවට විශාල ගෙරවයක් අත් කර දුන් බව කිව යුතුය.තරග අවසානයේ පුහුණුකාරිය රටේ පවතින දුෂ්කර තත්ත්වයත්,ක්‍රීඩිකාවන්ට පුහුණුවට ස්ථානයක් හෝ නිවැරදිව නොමැතිව විඳින්නට වූ ගැහැට ඉතාම සෞම්‍ය ලීලාවෙන්ද ඉදිරිපත් කළාය.ඇය දෙයක් නොලැබුණ විට කෝප ගැන්වී සියල්ල අවුල් කර ගැනීම අවුලක් වුව ද, දෙයක් ලැබුණ විට නිහතමානී වීම හොඳ ය.ඒ නිසාම ඇයගෙන් නොකියවුණු වැදගත්ම දෙයක් මෙහිදි සටහන් කළ යුතුය. මේ ආසියාතික සූරියන් සූරතාවය දිනා ගත්තේ සම්භාහකයෙක් හෝ නොමැතිවය. වෛද්‍ය ආයතනය නියෝජනය කරමින් වෛද්‍ය පිලපිටිය සහභාගි වූ අතර සම්භාහකයෙක්ගේ අවශ්‍යයතාවය වෛද්‍ය ආයතනය නොසළකා හැරියත් වෛද්‍යවරයෙක් අමාත්‍යංශ මුල් පුටුවේ සිටින විට ඔහුට හෝ මේ තත්ත්වය තේරුම් ගැනීමට තිබිණි.නමුත් එසේ තේරුම් ගත්තේ නැති නිසා එතුමාට රතු පළස මැඳින් එන ක්‍රීඩිකාවන් අභිමුවට එන්න සදාචාරාත්මකවනම් අයිතියක් නැත.එසේම යැවිය යුත්තේ වෛද්‍යවරිය පමණයි යනුවෙන් කවුරු තීරණය ගත්තත් ඊට හවුල් කිසිවෙක්ට මේ වරදින් ඇති කළ හානිය සුළු නැත.

මේ කණ්ඩායමට අවසාන වරට සහභාගි වූ පිරිසට වඩා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද රැගෙන යන්නට ශ්‍රී ලංකා නෙට්බෝල් කටයුතු කර තිබිණ.ඒ දෙදෙනාත් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවනුත් එක් වූ සංචිතයක්, හයසින්ත් ප්‍රමුඛ පුහුණු කණ්ඩායමට ඉක්මණින් භාර දිය යුතුය.ඇය මේ මොහොතේ වෙනස් නොකිරීම අතිශයින් වැදගත්ය.ඇයට තවත් පුහුණු අධ්‍යක්ෂවරයෙක් පත් කර හෝ විශේෂඥ පුහුණු උපදේශක සභාවක් පත් කර හයසින්ත් තව දුරටත් ශක්තිමත් කිරිම වටින්නේය.

වඩාත්ම වැදගත් දේ මේ සූරියෝ නියෝජනය කරමින් 2018 සූරියෝ වන්නට පාර කී අය ද සිටියහ.ඒ අයට එවකට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ද දැනුවත්ව සජිත් ප්‍රේමදාසයන් නිවාස ලබා දුන්නේය.එවකට අගමැති රනිල් වික්‍රමසිංහය.එහෙත් ආණ්ඩු වෙනස් වූ පස් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාට වෙනස් කරන්නට බැරි වූ දෙයක් නිවාස අධිකාරියෙන් සිඳු විය.ත්‍යාග ලෙස දුන් නිවාසවලට ගෙවන්නට මේ ක්‍රීඩිකාවන්ට නියම කිරීමය.ක්‍රීඩාවේ ජයග්‍රහණ ගෙනෙන අය ඒවා ගෙනෙන්නේ ආණ්ඩුවද විපක්ෂයද සිටින රටට මිස ආණ්ඩුව කරවන පක්ෂවල ශාඛා සමිති හැටියට නොවන බව එදා අගමැති රනිල් මෙදා ජනපතිව හෝ තේරුම් ගනියිද?

නාමල් බෝලේ පාස් කර දේ රොෂාන් රණසිංහට කරන්නට ඉඩ දෙයිද?මේ ක්‍රීඩිකාවන්ට ත්‍යාග දෙන්නට පෙර දුන්න ත්‍යාගවලින් උන්ට ගැසීම හමාර කරන්නට වගකිවයුත්තෝ මැදිහත් වෙන හැටි අපි බලා සිටිමු.හයසින්ගේ පුහුණු නායකත්වය යටතේ,ගයංජලීගේ නායකත්වය යටතේ මහන්සි වී 2023 දී ලෝක කුසලාන සූරතාවලියේ මෙතෙක් නොගිය දුරක් ජයග්‍රහණ සමඟ යන්නට LNW ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමටත්, අනේක වූ අපහසුතා මැද ඒවා කළමණාකරනය කර ගනිමින් සිත් රිදවීම් තමන්ගේ පැත්තට දමා ගනිමින් අනුන් සතුටෙන් තබන්නට උථ්සාහ කරමින් නෙටිබෝල් පරිපාලනය මෙහෙය වූ සභාපතිණිය ලක්ෂමි වික්ටෝරියාට මෙන්ම කොන්ද හයියට හිටපු තේරීම් කමිටුවටත් රටේ ස්තූතිය හිමි විය යුතුය. මෙසේ සතුටු වෙන්නට රට ගැන ජයග්‍රාහී කතා ඇහෙන්නේ නැති මොහොතක කරන ලද අපූරු සත්කාරයක් හැටියට රටම මේ ජයග්‍රහණය පිළිගන්නවාට ද සැක නැත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan