රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :
විදේශ රැකියා නියුක්තිකයන්ට රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබා ගැනීමේ පහසුකම සලසමින් “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්රමය දියත් කර තිබේ.
විදේශ රැකියා නියුක්තිකයන්ගේ නිවාස අවශ්යතා සඳහා මූල්ය පහසුකම් සැපයීම මෙහි අරමුණයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ බැංකු ආයතන අතර ඊයේ දිනයේදී අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කළේය.
මෙම ණය යෝජනා ක්රමය යටතේ, සුදුසුකම් ලත් විදේශ රැකියා නියුක්තිකයන්ට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10 දක්වා පරාසයක නිවාස ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
අදාළ ණය මුදල උපරිම වසර 10ක කාලයක් තුළ ආපසු ගෙවීමට හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
2027 වසර සඳහා මෙම කටයුත්ත වෙනුවෙන් රුපියල් මිලියන 126ක මුදලක් වෙන් කර ඇත.
එමෙන්ම, ණය සඳහා අය කෙරෙන උපරිම වාර්ෂික පොලී අනුපාතය සියයට 15ක් බවත්, යම් බැංකුවක් සියයට 15 ඉක්මවන පොලී අනුපාතයක් අය කරන්නේ නම් එම අතිරේක පොලී මුදල ණය ගැනුම්කරු විසින්ම දැරිය යුතු බවත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්රකාශ කළේය.


