ලබන මර්තුවෙන් පසු IMF එකෙන් ඉවත් වෙනවද? නැද්ද? රජයේ තීරණයක් අරන්ද?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතාව අවසන් වීමට නියමිත තිබෙන නමුත් මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වනවාද නැතහොත් ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ සහය තවදුරටත් ලබාගන්නවාද යන්න පිළිබඳ රජය මෙතෙක් අවසන් නිල තීරණයක් ගෙන නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී තිබෙන ඉලක්ක ඉටු කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශස්ත මට්ටමක සිටින හෙයින් ඉදිරි වාරික ලැබීම ගැන ගැටළුවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර මැදපෙරදිග ගැටුම් යළි උත්සන්න වීමත් සමඟ තෙල් මිල ඉදිරියේදී වැඩි වනු ඇත්ද යන්න එහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තෙල් මිල රජයේ පාලනයෙන් බැහැර කාරණයක් වන හෙයින් අවස්ථානුකූලව ඒ වෙනුවෙන් කටයුතු කරන බවයි.

පසුගිය මැයි මාසයේ වුවද තෙල් මිල ඉහළ යාම හමුවේ එහි දැඩි බලපෑමක් සිදුවන ප්‍රජාවන් හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට රු. බිලියන 100ක් රජය වෙන් කළ බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ මොහොතේ විදුලි බිලද ඉහළ නොදමා එම වැය බරද රජය විසින් දරාගත් බවයි.

ඒ අනුව තෙල් මිල ඉදිරියේදී ඉහළ යාම ගැන මේ මොහොතේ පුරෝකථන ඉදිරිපත් කළ නොහැකි හෙයින් අවස්ථානුකූලව ඊට මුහුණ දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...