කොළඹ LNW:රටවල් සහ කලාප 70කට වැඩි ගණනක නිලධාරීන් සහ ව්යාපාරික නායකයින් 6000කට අධික සංඛ්යාවකගේ සහභාගිත්වයෙන්, 11 වන එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ආරම්භ වුණා.
පෙර නොවූ විරූ වෙනස්කම් සහ භූ දේශපාලනික බෙදීම් සමග ගැටෙමින් සිටින ලෝකයට, එක් තීරයක් එක් මාවතක් මුලපිරුමෙන් ඉදිරිපත් කෙරෙන සම්බන්ධතාව, සහයෝගිතාව සහ එකඟතාව අත්යවශ්ය බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්රධාන විධායක ජෝන් ලී මහතා උත්සවය අමතමින් පැවසුවා.
“එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යනු අතීත සිතියමක් නොව, අනාගතය සඳහා බෙදා ගත් සැලැස්මක්” බවත් එම අනාගතය හොංකොං සිට අවබෝධ කරගන්නා බවත් ඔහු කියාසිටියා.
සමුළුවේ පළමු දිනයේ දී මුල්ය, වෘත්තීය සේවා සහ ඉදිකිරීම් ආවරණය වන පරිදි එකඟතා සහ ගිවිසුම් 32ක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
දිනූෂි ධීරසිංහ


