ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මස දෙවන පාර්ලිමේන්තු සතිය එළඹෙන 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අදාළ විවාදය සැප්තැම්බර් 24 සහ 25අ යන දෙදින තුළ පෙ.ව.11.30 සිට ප.ව.07.00 දක්වා පැවැත්වීමට තීරණය වී ඇත.


