ලොකයේම කතා බහට ලක්වූ ඩයනා කුමරියගේ පළිගැනීමේ ඇදුම වෙන්දේසියට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 11 :
ලොව පුරා කතාබහට ලක්වූ ඩයනා කුමරියගේ සුප්‍රසිද්ධ “Revenge Dress” ඇඳුම වසර 30කට ආසන්න කාලයකට පසු නැවතත් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම “Revenge Dress” පලිගැනීමේ ඇදුම 1994 ජූනි 29 වැනිදා ලන්ඩනයේ Serpentine Gallery එකේ පැවති උත්සවයකදී Diana කුමරිය ඇඳ සිටි කළු, off-the-shoulder, figure-hugging එකක් වන අතර ඒ දවසේම Prince Charlesගේ අවිශ්වාසය පිළිබඳ ඔහුගේ ප්‍රසිද්ධ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව විකාශය වීම නිසා, මාධ්‍ය එය “Revenge Dress” ලෙස හැඳින්වූවා.

ඇමරිකාවේ නිව්යෝර්ක්හි Sotheby’s ආයතනය මගින් දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියේදී මෙම ඇඳුම ඇමරිකානු ඩොලර් 150,000ත් 300,000ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ග්‍රීක නිර්මාණ ශිල්පිනී Christina Stambolian විසින් නිර්මාණය කළ මෙම ඇඳුම, ඩයනාගේ විශ්වාසය, ස්වාධීනත්වය සහ තමන්ගේම අනන්‍යතාව ප්‍රකාශ කළ ප්‍රබල විලාසිතා ප්‍රකාශයක් ලෙස පසුව “Revenge Dress” යන නමින් ප්‍රසිද්ධ විය.

“Revenge Dress” යනු ඇඳුමක් පමණක් නොව, ඩයනා තම ජීවිතයේ දැඩිම මාධ්‍ය අවධානයකට මුහුණ දෙමින් තමන්ගේම හඬ විලාසිතාව හරහා ප්‍රකාශ කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස අදත් සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...