*
Friday, November 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/11

  1. එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාව විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවට අදාළව විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි: පාස්කු ප්‍රහාරය පිටුපස “මහමොළකරුවකු” සිටින බවට හිටපු නීතිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයට අදාළව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ද පත් කිරීමට රජය කටයුතු කරනු ඇති බව පවසයි.
  2. සරල කළ අගය එකතු කළ බද්ද (S-VAT) අහෝසි කිරීම පිළිබඳ නැවත සලකා බලන මෙන් ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි: බදු ඉහළ දැමීම සඳහා දැඩි ලෙස වාචික වූයේ ලංකා වාණිජ මණ්ඩලයවන අතර, දැන් එම මණ්ඩලය විසින් සිදුකරන ඉල්ලීම එහි පෙර ස්ථාවරයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  3. වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ පළවන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සැලසුම් යොදා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: දකුණු ආසියාතික තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) මොරටුව විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීම පිළිබඳව ද කරුණු මතු කරයි.
  4. සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර කළඹේ (EPF Bond Portfolio) “අවස්ථා අලාභය” ගෘහස්ථ ණය ප්‍රශස්තකරණයට සම්බන්ධ වූවහොත් එය 4% ක් පමණක් වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: දේශීය ආදායම් පනත් කෙටුම්පතේ නවතම සංශෝධනයට අනුව 30% ක ඉහළ බදු අනුපාතය හේතුවෙන් බැඳුම්කර කළඹේ “අවස්ථා අලාභය” 21% දක්වා වැඩි වනු ඇති බව ද අනතුරු අඟවයි: මෙම ප්‍රකාශ පට්ටපල් බොරු බවට වෘත්තීය සමිති නායකයෝ සහ නියෝජිතයෝ පෙන්වා දෙති.
  5. මෙම මාසය අවසානවන විට, Hotel Developers Lanka Ltd. (Hilton, කොළඹ) සහ Canwill Holdings (Pvt) Ltd. (Grand Hyatt, කොළඹ) හි භාණ්ඩාගාර කොටස් ඉවත් කිරීම සඳහා කැමැත්තෙන් පසුවන ආයෝජකයන්ගෙන් “අභිලාෂය ප්‍රකාශ කිරීමේ” (EoI) ලිපි කැඳවන බව මුදල් අමාත්‍යාංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා පවසයි: සුරේෂ් ෂා යනු Carsons & Lion Brewery සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අතර ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය පැහැර හැරීම සඳහා ප්‍රභල ලෙස පෙනී සිටි පුද්ගලයකු බව ද සිහිපත්කළ යුතු ය.
  6. බරපතල වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වී පසුව නිදහස කණ්ඩායම සමඟ එක් වූ පා.ම. ආචාර්ය නාලක ගොඩහේවා අනතුරු අඟවයි: පරිපූර්ණ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා පවතින තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කරයි: ශ්‍රී ලංකාව වැටී ඇති ණය උගුලෙන් ගැලවීම සඳහා ප්‍රගතියක් ලබා ගනු වෙනුවට රට තව තවත් ඒ තුළට ගිලී යන බවක් පෙනෙන්නට තිබෙන බව පෙන්වා දෙයි.
  7. කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කුඩා සංශෝධනයක් නුදුරේදී ම සිදුවනු ඇති බවට රජයේ ආරංචිමාර්ග පවසයි: මතභේද සමඟ සිටින අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වෙනස්වනු ඇති අතර, ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාරු වීම මෙම සංශෝධනයේ දී දැක ගත හැකිවනු ඇති බව ද වාර්තා වේ.
  8. ලැයිස්තුගත සමාගම් 2023 ඔක්තෝම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන දැඩි ආයතනික පාලන නීතිවලට යටත් වනු ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි: ප්‍රාග්ධන වෙළඳපොල කෙරෙහි ආයෝජක විශ්වාසය ගොඩනැඟීම සඳහා වගවීම සහ විනිවිදභාවය සහිත ආයතනික පාලනයේ ඉහළ ප්‍රමිතීන් ඉතා වැදගත් බැවින් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවයක් සේ සලකන බවත් පවසයි.
  9. 2023 මැයි 17 – අගෝස්තු 26 කාලය තුළ මහා පරිමාණ රැන්සම්වෙයාර් (ransomware) ආකාරයේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුළුව “gov.lk” විද්‍යුත් තැපෑල ඩොමේන් (domain) එක භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවලට දරුණු ලෙස දත්ත අහිමි වීමේ අනතුරකට මුහුණ දීමට සිදු වූ බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
  10. පාසල් රග්බි ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 25-16 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විද්‍යාලය සමත් වෙයි: ඒ අනුව, ශාන්ත පීතර විද්‍යාලය ලීග් ශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවලිය යන දෙකෙහිම අසහාය ශූරයන් ලෙස කිරුළු පළඳියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan