රසිකාවියන්ගේ හඳවත් බිඳ දමමින් කැප්ටන් ඇමෙරිකා යුග දිවියට!

Date:

Chris Evans නැතහොත් මාර්වල් ලෝකයේ සිහින කුමරා “කැප්ටන් ඇමෙරිකා” ඔන්න කසාදෙකුත් කරගෙන… ඒ සුරූපී පෘතුගීසි නිළියක් සමඟ බවට ආරංචි වෙනවා.

42 හැවිරිදි ක්‍රිස් එවන්ස් සහ 26 හැවිරිදි පෘතුගීසි නිළි ඇල්බා බැප්ටිස්ටා වසරකට වැඩි කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වීමෙන් පසු එකිනෙකාගේ අතිනත ගැනීම මෙසේ සිදු වී තිබේ. මෙම විවාහ උත්සවය ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් හි පෞද්ගලික වතුයායක පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාහ උත්සවය ඉතා සරලව සිදු කළ අතර Chris Evans ගේ Avengers හි සහය නළුවන් වන Robert Downey සහ ඔහුගේ බිරිඳ Susan Downey, Chris Hemsworth සහ ඔහුගේ බිරිඳ Elsa Pataky සහ Jeremy Renner විවාහ ඇරයුම් ලද අයවලුන්ගේ ලැයිස්තුවේ කොටසක් විය.

ඉතින් කෙල්ලනේ දැන් හිත හඳාගන්නයි වෙන්නේ… ඔන්න කැප්ටන් ඇමෙරිකා ලෝකෙ බේරගන්න යන ගමනේ එයාගේ ජීවිත ගමන බාර දෙන්නත් කෙනෙක් හොයාගෙන..ඔබට සුභ පැතුම් “Captian America” !

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...