සජිත් දැනටත් දිනලා – මනෝ ගනේෂන්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

දැනටමත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ (09/12) දින පස්වරුවේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා කියා සිටියේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුළුවන් නම් සිලින්ඩරය රැගෙනවිත් නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් කරන ලෙසට තමන් අභියෝග කරන බවයි. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදු කිරිමට නොහැකි බවද මනෝ ගනේෂන් මහතා කීවේය,

වතු කම්කරුවන්ට රු 1700 දෛනික වැටුපක් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්, එම වැටුප මේ වන විට රු 1350 දක්වා අඩු කර ඇතත්, එයද මෙතෙක් ලැබි නොමැති බවයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...