වෙනසක් කරන්න ගිහින් විනාශයක් කරගන්න එපා – පොහොට්ටු මන්ත්‍රී දොළවත්ත ඉල්ලයි!

Date:

කොළඹ LNW:වෙනසක් කිරීමට ගොස් විනාශයක් සිදුනොකරගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (12) පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ මිනිසුන්ට එපා වී තිබෙන බවත් ජනතාව රවටා ජන්දය නොගන්නා ලෙස පවසන බවත් දොළවත්ත මහතා කියාසිටියේය.

ජනතාවට සහන දුන් එකම කණ්ඩායම ලෙස උද්ධමනය ද තනි ඉලක්කමකට ගෙන ආ බවයි ඔහු පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇත්තේ වැඩපිළිවෙලක් වන හෙයින් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහල මහතා ජයග්‍රහණය කිරීමක් නොව එම වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීමක් බවද හෙතෙම සඳහන් කරන ලදී.

2025 වසර තුළ වැටුප් වැඩි වන ක්‍රමවේදය ඉටු කළ හැකි අතර රටේ ආර්ථිකය ස්ථාවර වූ පසු තවදුරටත් ජනතාවට සහන දීමේ හැකියාව ඇති බවයි දොලවත්ත මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...