වී මිලදී ගැනීමේ ප්‍රශ්නය නිසා ඇමති අමරවීරත් වැට උඩ – ප්‍රශ්නය කැබිනට්ටුවටම යයි

Date:

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් සුභවාදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සහ හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදීත් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වී මිලදී ගැනීම සඳහා සුභවාදී තීන්දුවක් ගැනීමට හැකි උපරිම උත්සාහය යොදන බව අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (12) බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

මේ වන විට රජයේ වී මිලදී ගැනීම් අර්බුදයකට ලක්ව තිබෙන අතර ගොවීන් චෝදනා කර සිටින්නේ රජය තමන්ගෙන් මිලදී ගත් වී තොගවලට මුදල් නොගෙවීම නිසා දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටින බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...