යන්න කලින් සමන්තා පවර් මංගලගේ සොයුරියත් හමුවෙලා !

Date:

නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ USAid ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය රටින් පිටව යාමට පෙර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සොයුරිය හමු වී මංගලගේ අභාවය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර තිබෙනවා.

සමන්තා පවර් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතියකි. සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 සපිරීම වෙනුවෙන් 2019 පෙබරවාරි 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයේ විශේෂ දේශනය පැවැත්වූයේද පවර් මහත්මිය විසිනි.

සිය සංචාරය නිමවා රටින් පිටව යන අවස්ථාවේදී පවර් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා පිළිබඳ මතකය අවදි කර තිබේ.

මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.

තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බවද ඇය කියා සිටින්නීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAIDහි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බවද ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයින් මේ වනවිට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බවද පවර් කියා සිටින්නීය.

අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද, ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...