කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් අද(12) දහවල් නව දිල්ලි නුවරට ළඟා වුණා. ඒ ඉන්දීය අගමැති නරෙන්ද්ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, බ්රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වීම සඳහායි.
නවදිල්ලියේ Palam ගුවන් හමුදා කඳවුරට පැමිණි ඔහු, ඉන්දීය රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. ඔහුව පිළිගැනීම සඳහා ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ද එක් ව සිටියා.
චීන ජනාධිපතිවරයා මෝටර් රථයෙන් ගුවන් තොටුපළේ සිට නවාතැන් ගන්නා හෝටලය වෙත ගිය අතරතුර, ඉන්දියාවේ සිටින චීන ජාතිකයින් සහ චීන ආයෝජන සහිත ව්යාපාරවල නියෝජිතවරුන් මාර්ග දෙපස සිට චීනයේ සහ ඉන්දියාවේ ජාතික කොඩි වනමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බවයි වාර්තා වන්නේ.
දිනූෂි ධීරසිංහ


