කොළඹ LNW:මෙම වසරේ ශ්රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 15 ඉක්මවා තිබේ.
2026 වසරේ මේ දක්වා ශ්රී ලංකාවට සංචාරකයින් 1,567,007 දෙනෙකු පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාසයේ ගත වූ පළමු දින හය තුළ පමණක් සංචාරකයින් 31,885 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්යාව 9,894ක් ලෙස දැක්වෙයි.
මීට අමතරව බ්රිතාන්යය, ඕස්ට්රේලියාව, ජර්මනිය, චීනය සහ ප්රංශය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


