මරණයට වර්ජනයේ නිරත සියලු වෘත්තීය සමිති වගකිව යුතුයි – බන්දුල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පෙරවරුවේ පැවති අධික තදබදය හේතුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් ඉන් ඇද වැටී මියගිය අතර, මියගිය එම තරුණයා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පවත්වා ඇත.

තවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කළ අතර, එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මරණයට වර්ජනයේ නිරත සියලු වෘත්තීය සමිති වගකිව යුතු බවයි.

මියගිය තරුණයා 18 හැවිරිදි වියේ පසුවූ කාර්මික විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තොරතුරු වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...