එංගලන්තය ඕසට්‍රේලියාව ඉහළ නැඟෙයි

Date:

මේ වන විට ප්‍රංශයේ ක්‍රියාත්මක ලෝක කුසලාන රග්බි තරගාවලියේ දස්කම් සමඟ ජගත් රග්බි ශ්‍රේණිගතකිරීම්වල තත්ත්වය වෙනස් වී ඇත.ඒ අනුව සැප්තැම්බර් 11 වන දා නිකුත් වූ නවතම ශ්‍රේනිගත කිරීම්වලට අනුව එංගලන්තය ස්ථාන 8 ක් ඉහළට පැමිණ 9 වන ස්ථානයට පිවිසිමට සමත්ව ඇත.ඕසට්‍රේලියාව ස්තාන 9 ක් ඉදිරියට පැමිණ 7 වන තැන රැදී සිටියි.
ඒ ආකාරයට නවතම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10 ක් ඉදිරියට ආ වේල්සය 8 වන තැන ද,ස්ථාන 12 ක් ඉදිරියට ආ සැමෝවා 11 වන තැනට ද පිවිස ඇත.12 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන ඉතාලිය ද ස්ථාන 13 න් ඉදිරියට පැමිණ තිබේ.
ජොර්ඩ් ෆෝර්ඩ්ගේ ග්‍රහණයෙන් පිඩාවට ලක් වූ ආර්ජෙන්ටිනාව එංගලන්තය ඉදිරියේ පරාජය වන විට සිටියේ සිව්වන තැනය.නමුත් එම පරාජය ද සහිතව නව ශ්‍රේණිගත කිරීම්වලදී ආර්ජෙන්ටිනාවට 11 වන ස්ථානය දක්වා පහළ බසින්නට සිඳු වී ඇත.
මේ ආකාරයට ප්‍රංශයේදී සිඳුවන රග්බි පෙරළි නිසා ලෝක සූරතාවය විවෘත ස්වභාවයකට පත්ව ඇති අතර සෑම කණ්ඩායමක්ම සිය ප්‍රතිවාදී කණ්ඩායම්වල දුර්වලතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඉහළම ජයග්‍රහණ වාර්තා කරන්නට වෙහෙස වෙන නිසා ජයග්‍රහණවල ලොකු පොඩි ප්‍රමාණයන්ද ශ්‍රේණිගත කිරීම්වල ඉහළ පහළ යාමට බලපානු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...