ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ කොදෙව් සංචාරයේ තරග හතකින් යුතු එක්දින තරගාවලියේ හයවැන්න නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට ඇඳ දමමින් තරගාවලියේ ජය කොදෙව් තරුණයන් විසින් අත්පත් කර ගනු ලැබුවා.හයවන තරගයේදි ද කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජොෂුවා ඩෝර්නේ පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.විරාන් චමුදිත (88) සහ දිමන්ත මහවිතාන (49) පළමු කඩුල්ලට ලකුණු 114 සබදතාවයක් පවත්වමින් හොඳ ආරම්භයක් ලබා දුන් අතර එයට මැද පෙළින් නායක විමත් දින්සර එක් කළ නොදැවී ලකුණු 58 ත් සමඟ ශ්‍රී ලංකා ඉණිම කඩුලු 7 ට ලකුණු 286 ක් දක්වා ඉහළට නැඟුණා.


පිළිතුරු ඉණිමේදී නායක ජෙෂුවා ලකුණු 95 ක් ලබා ගනිමින් ද,තමන් ලකුණු අතර සිටින බව පැහැදිළි කළ ජොනතන් වැන් ලේන්ජ් ලකුණු 50 ක් ලබා ගනිමින් ද,කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය වෙත සමීප කළා.අවසාන මොහොතේදී ‍වේගවත් ලකුණු 21 ක් නොදැවී ලැබූ සකුවාන් බෙල්ලේ ද සමඟ කොදෙව් කණ්ඩායම තරගයේ 49 වන ඕවරයේ සිව්වැනි පන්දුවේදී කොදෙව් ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 289 ක් බවට පත් ළා.නැවතත් මේ තරගාවලියේ සිටින විශිෂ්ඨතම පන්දු යවන්නා තමන් බව තහවුරු කළ විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 41 ට කඩුලු 3 ක් දවා ගනිමින් කොදෙව් ලකුණු පූවරුවට විශාල බලපෑමක් ඇති කළා.
කොදෙව් කණ්ඩායමේ තරගාවලි ජය සනාත කරමින් ලකුණු 95 ක් රැස් කළ කොදෙව් නායක ජොෂුවා ජොර්නෙ ඡායාරූපයේ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...