ආසියාව ජයගත් ශූරයෝ ශූරියෝ කොළඹ එන ගමන්

Date:

ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද අළුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි අතර ඔවුන් මේ වනවිට රථ පෙළපාලියකින් කොළඹ නගරය දක්වා පැමිණෙමින් සිටී.

දැල්පන්දු ක්‍රීඩිකාවන් අද අළුයම 12.50 ට පමණ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ සිට කටුනායක වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු පිරිසක් ගුවන් තොටුපල වෙත ගොස් සිටියහ.

ආසියානු ශූරතාවය හිමිකර ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගුවන් තොටුපල වෙත පැමිණියේ අළුයම 05 ට පමණය.

ආසියානු ශූරයන් සහ ශූරියන් ගුවන් තොටුපල බළධාරීන් විසින් උණුසුම් අන්දමින් පිළිගත් අතර විදෙස්ගතවීමට පැමිණි සහ විදෙස් රටවල සිට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් ප්‍රතිචාර ලැබිණි.

ආසියානු ශූරයන් සහ ශූරියන් පෙරවරු 6.30 ට රථ පෙළපාලියකින් කොළඹ බලා පිටත්වීම ආරම්භ කළ අතර දහස් ගණන් ක්‍රීඩාලෝලීන් ඔවුන් දැකබලා ගැනීම සඳහා මග දෙපස රැස්ව සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...