රට එක්සේසත් කළ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කරන ගෞරවයක් වශයෙන්, ඒ මහතාගේ මරණයට පෙර නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපති කරවීම සඳහා එකතු වන්නැයි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
“මම ඉල්ලන්නේ එක ඉල්ලීමයි, ඒක කරන්න ලෑස්තිද ? තමුන්නාන්සෙලා රජරට මිනිස්සු ලෑස්තිද ? මොකක්ද කළයුතු වෙන්නේ ? ඔබ කළයුතු වෙන්නේ එක දෙයයි. මේ රට එක්සේසත් කරපු නායකයා, රටම හදපු නායකයා, ඒ නායකයා වෙනුවෙන් අපිට යුතුකමක් තියෙනවා ඉටුකරන්න. අපි ඉපදුණු කවුරුත් මැරෙනවා. හැබැයි අපිට වගකීමක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇස් දෙකට පේන්න, සියලුම ජනතාව එකට ඒකරාශී කරලා නාමල් රාජපක්ෂව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ වගකීම ඉටුකරන්න. ඒක විතරයි ඔබ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන ගෞරවය බවට පරිවර්තනය වෙන්නේ”
රෝහිත අබේගුණවර්ධන මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (12) අනුරාධපුරයේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන සටන’ රැලිය අමතමිනි.


